සාමකාමී ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම වහාම නතර කරන්න – වෛද්‍ය වෘත්තිකයින් රජයෙන් ඉල්ලයි..

සාමකාමී ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම වහාම නතර කරන්න – වෛද්‍ය වෘත්තිකයින් රජයෙන් ඉල්ලයි..

  • September 10, 2022
  • No Comment
  • 49

මනඃකල්පිත චෝදනාවලට මුවාවී සාමකාමී ක්‍රියාකාරීන් දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම හා සිරගත කිරීම වහාම නතර කරන ලෙස මෙඩිකල් ෆ්‍රොපෙෂනල්ස් ශ්‍රී ලංකා ෆො සිස්ටම් චේන්ජ් හෙවත් පවතින ක්‍රමයේ වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයින් රජයෙන් ඉල්ලා සිටී.  

Sri Lanka Nurse Photos - Free & Royalty-Free Stock Photos from Dreamstime

එම වෘත්තිකයින් අතරට මහාචාර්ය අර්ජුන අලුවිහාරේ, මහාචාර්ය ලලිතා මෙන්ඩිස්, ආචාර්ය එම්.කේ. රාගුනාදන් ඇතුළු ප්‍රවීණ  වෛද්‍ය වෘත්කයින් රැසක් අයත් ය.

ඔවුන් ඉල්ලා සිටින්නේ, දුක්විඳින ජනතාවට සහන සැලසීමට උපරිමයෙන් කටයුතු කිරීම සඳහා උපාය මාර්ග ගැන නැවත සිතා බලන ලෙස ජනාධිපතිවරයාගෙන් හා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවය.

බලධාරින්ට සුපුරුදු පරිදි කටයුතු කරගෙන යාමට ඉඩ නොතබා ගතහැකි සියලු සාමකාමී ක්‍රියාමාර්ග තුළින් විරෝධය දක්වන ලෙස පවතින ක්‍රමයේ වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයින්, සිවිල් සමාජ කණ්ඩායම් සෙසු සංවිධාන හා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔවුන් පෙන්වා දෙන්නේ, රජයේ වියදම් විශාල වශයෙන් කප්පාදු කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති බවයි.

එසේ තිබියදී ජනාධිපතිවරයා විසින් නව රාජ්‍ය අමාත්‍යවරුන් 37ක් පත්කිරීම ගැන ජනතාව පුදුමයට හා කළකිරීමට පත්ව ඇතැයි පවතින ක්‍රමයේ වෙනසක් සඳහා වූ වෛද්‍ය වෘත්තිකයින් පෙන්වා දෙයි. 

මන්ත්‍රී වැටුප පමණක් ලබාගන්නා බවට පැවසුවද වරප්‍රසාද හා දීමනා ඇතුළු අනිකුත් පහසුකම් සඳහා බිලියන ගණනක් වැයවනු ඇතැයි යන්න නොඅනුමාන බව අදාළ වෛද්‍යවරුන් පැවසුවේ ය.

රට බංකොලොත් කිරීමට වගකිව යුතු සියලුම දූෂිත මන්ත්‍රීවරුන් යළි බලයේ පිහිටුවා ඇති බවද වෛද්‍ය වෘත්තිකයින් පෙන්වා දෙයි. 

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *