ශ්‍රී ලංකාවට ඇ. ඩොලර් මිලියන 203ක මූල්‍යාධාරයක්

ශ්‍රී ලංකාවට ඇ. ඩොලර් මිලියන 203ක මූල්‍යාධාරයක්

  • September 9, 2022
  • No Comment
  • 25

ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් මිලියන 203ක මූල්‍යාධාරයක් ගැනීමට ගිවිසුමක් අත්සන් තබා තිබේ.

ඒ අනුව ආහාර, දිළිඳු හා අවදානමට ලක් වූවන්ගේ (විශේෂයෙන් කාන්තාවන් සහ ළමුන්) ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා අපේක්ෂා කරන ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍යකරණය කිරීමට ශ්‍රී ලංකා රජය ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඩොලර් මිලියන 200ක් ණයට ගැනීමට සැලසුම් කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් එම මුදල ලබා දෙනු ඇත.

ඊට අමතරව, ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන ජපන් අරමුදල (JFPR) ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා මූල්‍යමය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 3ක ප්‍රදානයක් ලබා දීමට නියමිත ය.

සම්පූර්ණ ව්‍යාපෘති පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 203.36ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 0.36ක් රජය විසින් දරනු ලැබීමට එකඟ වී තිබේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *