ජනතාව පාරට බැහැලා ඉල්ලපුවද ආණ්ඩුව අද මේ කරන්නෙ ?

ජනතාව පාරට බැහැලා ඉල්ලපුවද ආණ්ඩුව අද මේ කරන්නෙ ?

  • September 9, 2022
  • No Comment
  • 26

දරාගත නොහැකි පීඩනයෙන් අද රටේ සමස්ත ජනතාව වේදනාවෙන් කඳුළු සලද්දී මේ රට විනාශය කරා රැගෙන ගිය පොහොට්ටු මැති ඇමතිවරු ජයපැන් බොමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රාජපක්ෂ පරපුර සුරක්ෂිත කිරීම සඳහා බලයට පත් වූ වත්මන් ජනාධිපතිවරයා රාජපක්ෂ හෙංචයියන්ට තනතුරු ලබා දී මහජන මුදල් ඔවුන්ගේ නඩත්තු වෙනුවෙන් යොදවමින් සිටින බවද ප්‍රේමදාස මහතා සඳහන් කරනවා.

මේ දුර්දාන්ත මර්දනයට එරෙහිව සමස්ත ජනතාව සමග සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය එකට එක්වන බවද විපක්ෂ නායකයා පෙන්වා දෙනවා.

ත්‍රස්ත පනත භාවිතා කිරීම ඇතුළු වත්මන් ආණ්ඩුව විසින් ගෙන යනු ලබන ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනකාරී වැඩ පිළිවෙළට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය “නිදහස වෙනුවෙන් නගමු හඬ” ඒකාබද්ධ ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

ජාතික පුස්තකාල මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවති මෙම අවස්ථාවට අරගලයට එක්ව සිටින දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, බහුජන සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක් එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ රාජ්‍ය ම්ලෙච්ඡත්වය, රාජ්‍ය ත්‍රස්තවාදය තුලින් මේ රටේ කලාකරුවන්, විශ්වවිද්‍යාල සිසුන්, තරුණ පරම්පරාව මර්දනය කිරීමේ බියගුළු උත්සාහයක ආණ්ඩුව නිරතව සිටින බවයි. ඊට එරෙහිව අඛණ්ඩව අරගල කළයුතු බවත් ඒ සඳහා රටේ සියලු බලවේග එකට එක්ව කටයුතු කළයුතු බවත් අවධාරණය කරනවා.

LNW

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *