රාජ්‍ය ඇමතිවරු 36ක් අද දිවුරුම් දෙති

රාජ්‍ය ඇමතිවරු 36ක් අද දිවුරුම් දෙති

  • September 8, 2022
  • No Comment
  • 30

රාජ්‍ය අමාත්‍යවරු 36 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ හෙට (8) පෙරවරුවේ දිවුරුම් දෙති.

මෙලෙස රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 36 දෙනෙකි.

අදාල රාජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ධුර ප්‍රදානය කරන ආකාරය පිළිබඳ එකඟතාවයකට පැමිණ තිබේ.රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව තිහකට සීමා කිරීමට කලින් තීරණය කර තිබුණ ද එම ගණන 36 දක්වා වැඩි කිරීමට සිදුවී ඇති බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම කොළඹ ජනාධිපති කාර්යාලයේ දී සිදු කිරීමට නියමිතය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන තුරු අමාත්‍යවරුන් 20කින් සමන්විත තාවකාලික කැබිනට් මණ්ඩලයක් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අතර සාකච්ඡා වට කිහිපයක් පැවති අතර එම සාකච්ඡා අවසන් එකඟතාවයට පැමිණි පසු ස්ථිර කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *