මාසිකව ලක්ෂයකට වඩා උපයන අයට ලබන ඔක්තෝබරයේ සිට බදු

මාසිකව ලක්ෂයකට වඩා උපයන අයට ලබන ඔක්තෝබරයේ සිට බදු

  • September 7, 2022
  • No Comment
  • 38

මාසිකව ලක්ෂයකට වඩා උපයන අයට ලබන ඔක්තෝබරයේ සිට 6% – 36% දක්වා බදු

ශ්‍රි ලංකාවේ සෑම ආදායම් උපදවන්නකුගේම රජයෙන් ලැබෙන බදු සහන සීමාව වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.2ක සීමාව දක්වා පහත දැමීමට රජය තීරණය කර ඇති අතර ඒ අනුව මාසිකව රුපියල් ලක්ෂයකට වඩා උපයන සෑම පුද්ගලයකුගෙන්ම අවම වශයෙන් සියයට 6ක බද්දක් අය කර ගැනීමට නියමිතය.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව  ඉදිරියේ දී  කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. කැබිනට් අනුමැතියෙන් අනතුරුව  මෙම තීරණය ලබන ඔක්තෝබර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම බදු අය කිරීම පසුගිය රජය කාලයේද පැවති අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වීමෙන් පසුව සිදු කරුණු බදු සංශෝධනයේදී උපයන විට ගෙවීමේ බද්ද ඇතුළු බදු කිහිපයක්ම කප්පාදුවකට ලක් කෙරුණි. ඒ අනුව පෞද්ගලික ආදායම බදු අය කිරීම් සීමාව වාර්ෂික ආදායම සීමාව මිලියන 3.ක් දක්වා ඉහළ නැන්විණි.

එසේ වුවද මෙම බදු වැඩි කිරීම සම්බන්ධයෙන් 2022 මැයි මස 20 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද අදාල වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.8ක් දක්වා අඩු කිරිමට තීරණය   කෙරුණු අතර එයද සංශෝධනය කරමින් නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අනුව වාර්ෂිකව රුපියල් ලක්ෂ 12ක් (මිලියන 1.2ක්)  ඉක්මවා වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක් (දළ වශයෙන් මාසිකව 41700) ක් දක්වා උපයන පුද්ගලයන්ගේ අදාළ ඉපයීමෙන් සියයට 6ක ආදායම් බද්දක් ගෙවිය යුතු වේ. එතැන් සිට වාර්ෂිකව උපයන මුදලින්  වැඩි වන සෑම මිලියන 5කටම පිළිවෙළින් සියයට 12, 18, 24, 30 සහ 36ක් ලෙස බදු එකතු වෙයි.

මේ අනුව මාසිකව රුපියල් ලක්ෂ ඉක්මවා වැටුප් ගන්නා සෑම පුද්ගලයකුගේම වැටුපින් සියයට 6 සිට සියයට 36 දක්වා පරාසයක ආදායම් බද්දක් ලබන ඔක්තෝබර් මාසයේ සිට අය කෙරනු ඇත.

පසුගිය දා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එලඹුණු මූලික කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයේ   දී මේ පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර ඉදිරි මාස 48ක කාලයක් සඳහා එම අරමුදලෙන් ලබා දෙන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකම ලබා ගැනීමට අවශය මූලික ප්‍රතිසංස්කරණ අතර මෙම බදු සංශෝධන ඇතුළත් වේ.
මෙයට අමතරව රඳවා ගැනීමේ බද්දෙහිද සංශෝධන සිදුව ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *