දරාගත නොහැකි ණය සහිත රටවල් අතර ශ්‍රී ලංකාවත් – IMF ප්‍රධානී

දරාගත නොහැකි ණය සහිත රටවල් අතර ශ්‍රී ලංකාවත් – IMF ප්‍රධානී

  • September 7, 2022
  • No Comment
  • 33

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක ණය තත්ත්වය යහපත් තත්ත්වයක නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසයි. 

ඇය මේ බව පවසා ඇත්තේ, නෙදර්ලන්තයේ පැවැත්වෙන අප්‍රිකානු සමුළුව අමතමිනි.

කෝරෝනා වසංගතයෙන් බැට කෑ ජනතාව මේ වනවිට උද්ධමනයෙන් පීඩා විඳිමින් සිටින බවත්  මෙම අවස්ථාවේ සියලු මනුෂ්‍ය වර්ගයාට එකට එකතුවීම සඳහා ආරාධනා කිරීමට පසුබට නොවිය යුතු බව ද  ජෝර්ජිවා මහත්මිය  පවසා තිබේ.

මේ අවිනිශ්චිත ත්ත්තවය සෑම කෙනෙකුටම පීඩාවක් ඇති කර තිබෙනවා.කෝරෝනා වසංගතයෙන් බැට කෑ ජනතාව දැන් උද්ධමනයෙන් දුක් විඳිනවා.

ජෝර්ජිවා සමුළුව අමතමින් වැඩිදුරටත් පවසා  ඇත්තේ, උද්ගතව ඇති මෙම තත්ත්වය එක් රටකට පමණක්  උරුම වූ තත්ත්වයක් නොවන බව ත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වලට ණය බර දරාගත නොහැකි තත්ත්වයක්  මතුවෙමින් පවතින බවත් ය.

දිළිඳු රටවල් 60%ක් ණය ගෙවා ගත නොහැකි අවදානම් තත්ත්වයේ පසුවන බැවින් ආර්ථික ක්‍රියාදාමය පිළිබඳව සාමාන්‍ය ආකාරයට සිතිය නොහැකි බව ත් බලවත් බැංකු පද්ධතියක හා ස්ථාවර ආර්ථිකයක  අවශ්‍යතාව ද  ඇය එහිදී පෙන්වා දී ඇත.

”බලවත් බැංකු පද්ධතියක් හා ස්ථාවර ආර්ථිකයක් අත්‍යාවශ්‍යි. පවතින ආර්ථික අවපාතයත් සමග බැංකු ඔරොත්තු දෙන මට්ටමේ පහසුකම් සැකසීම ගැන අවධානය යොමුකර තිබෙනවා.අපිට අවශ්‍ය වන්නේ ඔරොත්තු දෙන ආර්ථිකයක් විතරක් නෙමෙයි ඔරොත්තු දෙන සමාජයක්.ඔරොත්තු දෙන ජනතාවක් අවශ්‍යයි.සාධාරණත්වය හා රැකියා උත්පාදනය ගැන සිතිය යුතුයි.කොටින්ම අපිට අවශ්‍ය වන්නේ ඔරොත්තු දෙනලෝකයක්” 

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *