කෝ අපේ දරුවන්? යුක්තිය උදෙසා මුළතිවු හි විරෝධතා

කෝ අපේ දරුවන්? යුක්තිය උදෙසා මුළතිවු හි විරෝධතා

  • August 30, 2022
  • No Comment
  • 40

‘අපි මහින්ද රාජපක්ෂට කිව්වා, මෛත්‍රීපාලට කිව්වා, රනිල්ට කිව්වා. සිංහලෙන් ලියුම් ලියලා දුන්නා. ඒත් අපේ දරුවන් ගැන තාම කිසිම විස්තරයක් නෑ. අපි නොගිය තැනක් නෑ. නොකිව්ව කෙනෙක් නෑ. ඒත් තාම අපේ දරුවන් නෑ. අපි අහන්නේ කෝ අපේ දරුවන්? අපේ දරුවන්ට මොකද කළේ?

මුලතිව් හී දෙමළ මවක් ‘විකල්ප’ හා ප්‍රකාශ කළාය.

අගෝස්තු 30 වනදාට යෙදී තිබූ බලහත්කාරයෙන් අතුරුදහන් කරවිමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනය මුල්කර ගනිමින් අතුරුදහන් වූවන්ගේ දෙමළ පවුල් 30 දා යුද්ධයෙන් විනාශ කළ මුලතිව් හී පුදුකුඩිඉරුප්පු නගරයේ විරෝධතා පාගමනක් පැවැත්වීය. එම විරෝධතා පාගමනට සමගාමීව පුදුකුඩිඉරුප්පු නගරයේ සියලුම වෙළසැල් වසා දමා එම විරෝධතාවයට සහය පළ කළේය.

බලහත්කාරයෙන් අතුරුදහන් කළ අයගේ ඥාතීන්, සිය ආදරණීයයන් පිළිබද කුමක් හෝ තොරතුරක් ලබා දෙන ලෙස ඉල්ලා දින 2000කට වඩා උතුරු – නැගෙනහිර උපවාසයේ යෙදෙන අතර, 1980 ගණන්වල සිට 2009 සන්නද්ධ ගැටුම අවසන් වන විට 60,000 -100,000 අතර පිරිසක් බලහත්කාරයෙන් අතුරුදහන් වූ බවට ගණන් බලා ඇතැයි පැවසේ. නමුත්, මේ කිසිදු අතුරුදහන්වීමකට කිසිදු ආකාරයක ‘යුක්තියක්’ ලබා දීමට ශ්‍රි ලංකා රාජ්‍ය අසමත් වී තිබේ.

පහත පළවන්නේ මුලතිව්, පුදුකුඩිඉරුප්පු හී දී පැවති විරෝධතාවයේ ඡායාරූප පෙළයි

රංජීත් පෙරේරා – ස්තුතිය විකල්ප සඟරාව.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *