සංස්ථාවේ තීන්දුවෙන් තෙල් පෝලිම් දිගුවෙයි

සංස්ථාවේ තීන්දුවෙන් තෙල් පෝලිම් දිගුවෙයි

  • September 4, 2022
  • No Comment
  • 35
  • ඉල්ලුම සියයට සියයකින් නැගලා
  • චෙක්පත්වලින් ගෙවීම් තහනම්
  • පිරවුම්හල් පැය හයකින් වහන්න වෙලා

I ව්‍යාපාරික වාර්තාකරු
ඛනිජ තෙල් සංස්ථාව සතුව කොපමණ ඩීසල් හා පෙට්‍රල් තොග තිබුණද තවදුරටත් දිගු ඉන්ධන පෝලිම් පවතිනු ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංවිධාන පවසයි. ඊට හේතු වී ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාව මෙයට පෙර ඉන්ධන පිරවුම්හල් වෙත ලබා දී තිබූ චෙක්පත් මගින් මුදල් ගෙවීමේ පහසුකම හදිසියේම අත්හිටුවීම නිසා බව එම සංවිධාන නියෝජිතයෝ ප්‍රකාශ කරති.

දේශයට මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඉන්ධන පිරවුම්හල් 700ක හිමිකරුවන්ගේ නියෝජනයක් ඇති ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා කියා සිටියේ චෙක්පත්වලින් මුදල් ගෙවීම අත්හිටවූ ඛනිජ තෙල් සංස්ථාව එක් පිරවුම්හලකට ඉන්ධන ලීටර් 6600ක බවුසරයක් ලබාගැනීම සඳහා දිනපතා උදෑසන 9.30ට පෙර රුපියල් ලක්ෂ 34/- ක් මුදලින් ගෙවන ලෙස නියම කර ඇති බවය. ඩීසල් සහ පෙට්‍රල් දෙවර්ගයම ඇණවුම් කරන්නේ නම් එවිට රුපියල් ලක්ෂ 68කට වැඩි මුදලක් දිනපතා ගෙවිය යුතුය. එය විශාල ගැටලුවක් බව ඔහු පැවසීය.

ඒ අතර රාජ්‍ය සේවය නැවතත් සක්‍රීය කිරීම හා පාසල්, විශ්වවිද්‍යාල ආදිය ආරම්භ කිරීම නිසා පැවති ඉන්ධන ඉල්ලුම සියයට සියයකින් පමණ ඉහළ ගිය බව රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය. මෙම තත්ත්වය යටතේ පිරවුම්හලකට ලැබෙන ඉන්ධන පැය 6ක පමණ කාලයක් තුළ අවසන් වන බැවින් දවසේ වැඩි කාලයක් ඉන්ධන පිරවුම්හල වසා දමන්නට සිදුව ඇතැයි ද සඳහන් කළේය.

එම නිසා ජනතාවට ඉන්ධන සැපයුම විධිමත් ලෙස සිදුකිරීමට නම් නැවත චෙක්පත් මගින් මුදල් ගෙවීමේ පහසුකම හෝ දිනපතා මුදල් ගෙවීමට ලබා දී ඇති කාලය පෙරවරු 11.00 දක්වා දීර්ඝ කිරීම කළ යුතු යැයි ප්‍රකාශ කළේය.

ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළ ගැටලුව ලංකා තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සහ අයිඕසී ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෝද සනාථ කළෝය. ජනතාව තෙල් පෝලිම්වල විඳින පීඩාව අවසන් කිරීමට නම් ඛනිජ තෙල් සංස්ථාව මෙයට වඩා නම්‍යශීලී ලෙස ක්‍රියා කළ යුතු බවද තෙල් බෙදුම්කරුවෝ පවසති.

Deshaya

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *