යළි ජීවමාන වූ එංගලන්තයේ රෝස කුසුම..

යළි ජීවමාන වූ එංගලන්තයේ රෝස කුසුම..

  • July 5, 2021
  • No Comment
  • 56

ලොව පුරා මිලියන ගණනාවක ජනතා සිත් එක බැල්මකින් වසඟ කළ එංගලන්තයේ රෝස කුසුම වන ඩයනා කුමරියගේ පිළිරුවක් පසුගියදා ලන්ඩන් නුවරදී විවෘත විය.

ඩයනා කුමරියගේ 60 වන ජන්ම දින සංවත්සරය වෙනුවෙන් මෙම නව පිළිරුව එළි දැක්වීය.

ඒ , කෙන්සින්ටන් මන්දිරයේ ( Kensington Palace ) සන්කෙන් උද්‍යානයේදී ය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම උද්‍යානයේ ඩයනා කුමරියගේ ප්‍රියතම මල් 4,000 ක් පමණ රෝපණය කර තිබෙන බවය.

විලියම් සහ හැරී කුමරු නව ප්‍රතිමාව විවෘත කිරීමට එක්ව සිටියේය.

රාජකීය විචාරකයින් පවසන්නේ, ඩයනා කුමරියට උපහාර දැක්වීම සඳහා විලියම් සහ හැරී කුමරුන් නැවත එක්වීම ඔවුන් අතර ඇති භේදය සුව කිරීමේ වැදගත් මෙන්ම පළමු පියවරක් විය හැකි බවයි.

විලියම් සහ හැරී කුමරුන් අවසන් වරට එකට මුණගැසුණේ දෙවන එලිසබෙත් රැජිනගේ සැමියා වන පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයේදී ය.

නව පිළිරුව එළි දැක්වීමේ උත්සවයට ඩයනා කුමරියගේ සහෝදරයා වන චාල්ස් ස්පෙන්සර් (Charles Spencer) සහ ඇගේ සහෝදරියන් දෙදෙනා වන සාරා මැකෝර්කෝඩේල් (Sarah McCorquodale) සහ ජේන් ෆෙලෝස් (Jane Fellowes) ඇතුළු අමුත්තන් කිහිපදෙනෙක් පමණක් සහභාගී වූහ.

ඩයනා කුමරිය සහ ඇය වටා සිටින දරුවන් තිදෙනෙකුගෙන් එම පිළිරුව නිමවා තිබූ අතර , කෙන්සිංටන් මාළිගය (Kensington Palace) පැවසුවේ, ඩයනා කුමරියගේ අලංකාරය සහ ශක්තිය පිළිබිඹු කිරීම මෙම ප්‍රතිමාවේ අරමුණ බවයි.

රාජකීයත්වය අත්හැර සාමාන්‍ය ජීවිතය අගය කළ ජනතාවගේ කුමරිය වූ ඩයනා 1997 දී ප්‍රංශයේ පැරිස් නුවර උමං මඟක සිදුවූ රිය අනතුරකින් මිය ගියේ ය.

එවිට ඇගේ වයස අවුරුදු 36කි.

– රංජීත් පෙරේරා –

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *