ආර්ථික අර්බුදයකදී ප්‍රථමයෙන්ම ආරක්ෂා කලයුතු වන්නේ අඩු ආදායම්ලාභීන් බව මහ බැංකු අධිපතිපවසයි.

ආර්ථික අර්බුදයකදී ප්‍රථමයෙන්ම ආරක්ෂා කලයුතු වන්නේ අඩු ආදායම්ලාභීන් බව මහ බැංකු අධිපතිපවසයි.

  • September 1, 2022
  • No Comment
  • 36

ආර්ථික අර්බුදයකදී ප්‍රථමයෙන්ම ආරක්ෂා කරගත යුතු වන්නේ අඩු ආදායම්ලාභීන් බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

එම නිසා ඔවුන් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණ ජාල සඳහා මුදල් වෙන් කළයුතු බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ “ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි දැක්ම” යන මැයෙන් ඊයේ (31) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සංවාදමය කථිකාවට සහභාගී වෙමිනි.

මෙම සංවාදමය කථිකාවට පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් රැසක් සහභාගී විය.

ආර්ථිකය ස්ථාවර කිරීමට ආර්ථික සංවර්ධන වේගය ධන මට්ටමකට ගෙනඒම සහ උද්දමනය පාලනය කිරීම සිදුකළ යුතු බවද මහ බැංකු අධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

ආනයනය සීමා කොට ඛණිජ තෙල්, බෙහෙත් සහ ගෑස් වැනි අත්‍යවශ්‍ය දේ මිලදීගැනීම සිදුකළ යුතු බවත් 14%ක 15%ක මට්ටමකට රාජ්‍ය ආදායම වැඩි කළයුතු බවත් මෙහිදී පෙන්වාදී ඇත.

ආර්ථික අර්බුදය නිසා ඇතිවන අපහසුතාව අඩු ආදායම් ලබන පාර්ශ්වවලට පමණක් නොව වැඩි ආදායම් ලබන පාර්ශ්ව අතර ද බෙදාහැරීම කළයුතු බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී තිබේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *