විදුලි බලාගාර ක්‍රියාත්මක කරවීමට ගැටලු මතුව ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි

විදුලි බලාගාර ක්‍රියාත්මක කරවීමට ගැටලු මතුව ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි

  • August 29, 2022
  • No Comment
  • 31

විදුලි බලාගාර ක්‍රියාත්මක කරවීමට ගැටලු මතුව ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ඒ  ප්‍රමාණවත් දැවි තෙල් නොමැතිවීම හෙතුවෙන් ය.

එම මණ්ඩලය සඳහන් කළේ, දෛනිකව අවශ්‍ය දැවිතෙල් ප්‍රමාණවත් පරිදි නොලැබීම හමුවේ ඉන්ධන බලාගාර ක්‍රියාත්මක වීම සීමාකර ඇති බවයි.

ඒ හේතුවෙන් දෛනික පැය 3ක කාලයක්  විදුලිය කප්පාදුව කිරීමට සිදුව ඇතැයි ද ලංකා විදුලි බල මණ්ඩලය පෙන්වා දෙයි.

යුගදනවි, සපුගස්කන්ද හා බාච් යන ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා දෛනික දැවි තෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 2500 කි.

එහෙත් මේ දිනවල ලැබී ඇත්තේ, දැවිතෙල් මෙට්‍රික් ටොන් 1400 ක් හෝ ඊට අඩු ප්‍රමාණයකි.

ලංකා විදුලි බල මණ්ඩලය පෙන්වා දෙන්නේ. එම තත්ත්වය තුල බලාගාර ක්‍රියාත්මක කිරීම සීමාවී ඇති බවයි.

මේ වනවිට ජල විදුලි නිෂ්පාදනය 60% ක උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක අතර ඉන් පද්ධතියට එක්කෙරෙන මෙගවොට් සංඛ්‍යාව 1340 කි.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 600 කට ආසන්න විදුලි ධාරිතාවක් එක් කෙරේ.

විදුලි බල මණ්ඩලය පෙන්වා දෙන්නේ, මෙගාවොට් 2100 ක විදුලි අවශ්‍යතාවය සැපීරීම සඳහා ජල විදුලි උත්පාදනයෙන් හා ගල් අගුරු බලාගාරයෙන් ලබාගන්නා විදුලි ධාරිතාව ප්‍රමාණවත් නොවන බවයි.

සපුගස්කන්ද පිරිපහදුව යළි සිය මෙහෙයුම් ආරම්භ කර ඇති බැවින් විදුලි නිෂ්පාදනයට අවශ්‍ය දැවි තෙල් කඩිනමින් බලාගාර වෙත ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද විදුලි බල මණ්ඩලය පැවසුවේ ය.

එම මණ්ඩලය සඳහන් කළේ, දෛනික විදුලි කප්පාදුවේ කාලය සීමාකිරීම සම්බන්ධයෙන් හා පවතින තත්ත්වය ගැන අද දවසේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *