රාජ්‍යය යනු රාජ්‍යයමය ….

රාජ්‍යය යනු රාජ්‍යයමය ….

  • July 24, 2022
  • No Comment
  • 66

මෙතනදි මේ කාරනාව මුලින්ම කියලා ඉන්න ඕන. යමෙකු හෝ යම් කන්ඩායමක් විසින් තමන් දරණ මතය නිවැරදිම මතය ලෙස සිතයි නම් සහ ඊට ප්‍රතිවිරුද්ධ මත සතුරු මත ලෙස අදහස් කර ප්‍රතිවිරුද්ධ මත හාස්‍යයට හා අපහාසයට ලක්කරයි නම් එය ෆැසිස්‍ට් බාවිතාවකි.

පරම සත්‍යය එහෙම නැත්නම් එකම සත්‍යයක් පිළිඹද මතය ආගමික අදහසකි. මේ සියවස වූ කලී බහුවිධ යතාර්තයන්ගේ යුගයයි. නමුත් අන් මත ඉවසිය නොහැකි සහ ස්වකීය මතය අනුන් මත බලෙන් පටවන ප්‍රජාවක් ඇති තැන මුග්ධ පරම සත්‍යයක් පමණක් ඉතිරිවේ..

හරි, දැන් අපි කතාවට බහිමු..

මැයි නමවෙනිදා මහින්ද රාජපක්ෂ විසින් මැරයන් යොදා ගෝල්ෆේස් අරගලයට පහර දුන් මොහොතේ වැල නොකැඩී පැමිණි මිනිසුන් අරගලය වෙනුවෙන් පෙනීසිටියේය. මේ මැර ප්‍රහාරය එල්ලවීමට දින කීපයකට පෙර සිටම ජනතාව සිටියේ රාජපක්ෂලට එරෙහිව පුපුරන්ට ඔන්න මෙන්න පසුබිමකය. මැරයන් විසින් අරගල කරුවන්ට පහරදීම නිසා සිදුවූයේ ඒ මහජන පිපිරීමට අවශ්‍ය ආසන්න අවස්තාව සලසා දීම පමණි.

මහින්ද රාජපක්ෂ මොනතරම් කූට සහ කපටි බුද්ධිය සහිත දේශපාලනඥ්ඥයෙකු උවත් ඔහු ඒ මොහොතේ පුපුරා යෑමට ආසන්නව පැවති මහජන පීඩනය දුටුවේ නැත. නමුත් රනිල් වික්‍රමසිංහ විසින් ගෝල්ෆේස් පිටියට ඉහලින් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා පියාසර කරවන විට සහ ඊයේ ජනාධිපති ලේඛම් කාර්‍යාලය හමුදාව යොදා නැවත අත්පත්කර ගැනීමේදී සිදුවූ පහරදීමේදී ජනයා පෙරසේ ආවේගශීලීව පාරට ආවේ නැත. හේතුව පොදු ජනමතය දැන් ඇත්තේ වෙන දෙසකය …

මහජනයා දැන් බලා සිටින්නේ නව පාලනය විසින් හෝ ඔවුන්ට ජීවත්වීමට ඇවැසි අවම කොන්දේසී හෝ ලබාදෙතැයි යන විශ්වාසයෙනි. අනික් කාරනාව මහජන මතය යනු ගල්වූ ස්තිතික දෙයක් නොවේ. එය කාලයේ අවකාශය තුල නිරන්තරයෙන් වෙනස්වේ. දැන් හැටනම ලක්ෂයේ මතය මහපොලොවේ නොමැත. වෙන එකක් තබා හැටනම ලක්ෂය විසින් පත්කරන ලද මහජන නියෝජිතයන්ද පෙරේදා චන්දය දුන්නේ ඔවුන්ගේ මතවාදී සතුරාටය. ඒ අවම වශයෙන් ඉදිරියේදී පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පවා රැඳී ඇත්තේ රනිල්මත බව ඔවුන් දන්නා නිසාය.

රනිල්ගේ කූඨ බුද්ධිය මහින්දටද මගහැරුනු මේ විෂය මූලික වටපිටාව හොඳින් දනී. රනිල්ගේ රාජ්‍ය ආයතන නැවත අල්ලාගැනීම සිදුවන්නේ මෙසේ කල්‍ යල් බලාය.

මෙතෙන්දි සන්නද්ධ හමුදාවල්වල සත්‍ය ගුණය ගැනද අප මීට වඩා පුලුල් ලෙස අවබෝධ කරගත යුතුය. යුධහමුදාවක් යනු යුධහමුදාවක්මය. තුවක්කුව අත දරාගෙන සිටින සොල්දාදුවා වූ කලී ඒ තුවක්කුවේම යාන්ත්‍රීක කොටසක් පමණි. ඒ සෙබළ යන්ත්‍රය සතුව ස්වාධීන චින්තනයක් නොමැත.මැයි නමවෙනිදා සහ පසුගිය නම වෙනිදා සෙබළ තුවක්කු පත්තු නොවූයේ ඒ පසුපස තිබූ දේශපාලන අණ දීමේ දුර්වල තාවයක් නිසා මිස සෙබළ චින්තනයේ සිදුවූ වෙනසක් නිසා නොවේ…

අනිත් කාරනාව රාජ්‍යය යනු රාජ්‍යයමය. උතුරේ පීඩිත මිනිසුන්ගේ අරගලය අති දැවැන්ත යුධ ටැංකි මතින් පොඩිපට්ටම් කර දැමුවේ මේ රාජ්‍යය යන්ත්‍රය විසින්මය. මාද සහබාගී උන දකුණේ අරගලය හැට දහසක් මලකඳන් මතින් අවසන් කර දැමුවේද මේ රාජ්‍ය යන්ත්‍රය විසින්මය.

දුර්වල පාලකයාගේ මිදුලට ගොස් හූ කිව්වම දුර්වල පාලකයා දාලා දිව්වට පස්සෙ මේ රාජ්‍ය අපේ කියලා කවුරු හරි හිතනනවා නම් ඒක විශාල සහ බයානක මුලාවක්. මොකද ඊළඟට එලඹෙන පැයේදි යම්තරමකට හෝ ආර්ථිකය සහ ජාත්‍යාන්තරය කළමනාකරණය කරගන්ට පුළුවන් වගේම අර කෑම්ප් ඇතුලේ ගාල්කරලා තියෙන තඩි තුවක්කු තියෙන යුද්ධ ටැංකිවලට අනදෙන්ට පුළුවන් පුද්ගලයව ඉතුරු බිතුරුවෙලා තියෙන පාර්ලිමේන්තු නෂ්ඨාවශේෂ අතරින් ඔටෝමැටිකලි පත්වෙලා එනවා..

LNW

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *