ALERT: Monkeypox: ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක්

ALERT: Monkeypox: ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක්

  • July 24, 2022
  • No Comment
  • 54

ශීඝ්‍රයෙන් පැතිර යන මන්කිපොක්ස් (Monkeypox) රෝගය හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර තිබේ.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩනම් ගේබ්‍රියසස් ඊයේ (ජූලි 23) ප්‍රකාශ කර ඇත්තේ, එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීම බව ය.

මම ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ ත්, මේ මොහොතේ මෙය පිරිමින් සමග ලිංගිකව එක්වන පිරිමින් අතර, විශේෂයෙන් බහු ලිංගික සහකරුවන් සිටින පිරිමින් අතර සංකේන්ද්‍රණය වී ඇති වසංගතයක්, යැයි ටෙඩ්‍රොස් ජිනීවාහි මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ, මන්කිපොක්ස් රෝගය සමීප සම්බන්ධතා හරහා පැතිරෙන සහ උණ වැනි රෝග ලක්ෂණ සහ සැරව පිරුණු සමේ තුවාල ඇති කරන බව ය.

එහි පැතිරීම දැඩි අවදානමක් පවතින යුරෝපය හැරුණු විට ගෝලීය වශයෙන් මධ්‍යස්ථව පැවති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ.

මෙම වසරේ මේ දක්වා රටවල් 75කට අධික සංඛ්‍යාවක මන්කිපොක්ස් රෝගීන් 16,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර අප්‍රිකාවේ මරණ පහක් වාර්තා වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ, පිරිමින් සමග ලිංගිකව එක්වන පිරිමින් තුළ මෙම වෛරස් රෝගය ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වී ඇති බව ය.

CXN

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *