ජනාධිපති රනිල් වික්‍රමසිංහ දළදා වඳී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ දළදා වඳී

  • July 30, 2022
  • No Comment
  • 50

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (30) දින උදේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිවරාගෙන දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.ඔහු මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා මාලිගා පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ නගරාධිපති කේසර සේනානයක විසින් ජනාධිපතිවරයා  පිළිගෙන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ සමග රතු පළස මතින් දළදා මැදුරේ ප්‍රධාන වාහල්කඩ වෙත කැඳවාගෙන යනු ලැබීය.

එහිදී දියවඩන නිලමේ නිලංග දෑල සහ සතර මහා දේවාල බස්නායක නිලමේවරුන් සිවු දෙනා විසින්  අතිශය යටහත් පහත් ලෙස වන්දනා කරන ස්වරූපයෙන්     ගෞරව දක්වා ජනාධිපතිවරයා  පිළි ගනු ලැබීය.

ජනාධිපතිවරයා මහනුරවට පැමිණි අවස්ථාවේ සිට ඉතාම වැදගත් දැකුම් රාශියක් දැක ගත හැකි විය. මහින්දානන්ද අලුත් ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල සහ දිළුම් අමුණුගම ජනාධිපතිවරයා පිළි ගැනීමට ඔවුන්ගේ නියෝජිතයන් සමග පැමිණ සිටියේය. දළදා මන්දිරයෙන් ජනාධිපතිවරයා පිටවන තුරු කිසිවෙකුට ඔහු අසලට කිට්ටු වෙන්නට ඉඩ නොදී වටකරගෙන සිටියේ  මෙම දේශපාලඥයින් තිදෙනා සහ ඔවුන්ගේ නියෝජිතන්ය.

ගොල්ෆේස්  අරගලය ආරම්භ වූ දා සිට නුවර ගෝඨාගෝගම  අරගල භූමියේ රැඳී සිටිමින්   අරගලයට විප්ලවීය වෙනසක් එක් කිරීම සඳහා ප්‍රධාන භූමිකාවක් කළ    චරිතයක් වූ බඹරදෙණිය  ඇතුළු පිරිසක් ද සුදු වතින් සැරසී ජනාධිපති රනිල් වික්‍රමසිංහ දළදා මැදුරු පරිශ්‍රයේ විසූ අවස්ථාවේ ඔහු අසලම ඉතා යටහත් පහත් ලෙස  ගැවසෙමින්  සිටියේය.

දළදා සමිඳුන් වැඩ සිටින ඉහළ මාලයේ කුටිය වෙත ගොස් පුෂ්පෝපහාර පැවැත්වූයේය.  දළදා මාළිගාවේ විශේෂ අමුත්තන් වෙනුවෙන් සකසා ඇති කුටියට ගොස් ඓතිහාසික සමරු සටහන් පොතෙහි  සමරු සටහනහනක් ද ජනාධිපතිවරයා විසින් තබන ලදී.

පස්වරුවේ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුත් හමුවීමට නියමිත ය.  කෙසේ වෙතත් පවතින ආර්ථික අර්බුදය විසඳන තුරු කිසිම දේශපාලකයෙක් තමන්ගේ විහාරස්ථාන වෙත වද්දගන්නේ නැති බව අවස්ථා කීපයක දී මල්වතු අස්ගිරි විහාරස්ථාන  නිවේදනය කළේය.

ජනාධිපතිවරයාට මෙම විහාරස්ථාන විවර වනු ඇතිදැයි මේ වනවිට රටම අවදියෙන් බලා සිටින්නේය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *