ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

  • July 11, 2024
  • No Comment
  • 66

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු ඇත. එනමුත් එම ඝාතනය විසින් ඉතිරි කරන ප්‍රශ්න අවසන් වන්නේ නැත.

දේශබන්දු සහ ටිරාන් අලස් එක්ව මෙරටින් පාතාලය, අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම අවසන් කරන බවට දෙදෙනා සමූහ ගායනයක් ඉදිරිපත් කළේ මීට මාස හයකට පෙරය. 2024 ජූනි මාසය වන විට මෙරටින් පාතාල අපරාධ තුරන් කොට මත් ද්‍රව්‍ය ජාවාරම සුන්නත් දූවිලි කරන බවට දෙදෙනාම සපථ කළහ.

ජූනි 30 වන දින අවසන් වූයේ දෙදෙනාගෙන්ම අඩහැරයක්වත් නැතිවය. සංවිධානාත්මත අපරාධ එම මාස හය පුරා නොකඩවා සිදුවිය. මත් ද්‍රව්‍ය ජාවාරමද එළෙසින්ම තවම සිදුවෙයි.

සිදු වූ එකම දෙය නම් දස දහස් ගණන් පිරිස් සහ දේපල අනීතිකව අත්අඩංගුවට ගැනීමයි.

වාගාලාප පමණයි..

පොලිසියට ආයුධ දී තිබෙන්නේ සෙල්ලම් කිරීමට නොව වෙඩි තැබීමට යයි කීවේ පොලිස් ඇමති අලස්ය. දැන් එම ගායනයට කප්පම් ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ තවත් චන්ඩියකු වන ප්‍රසන්න රණතුංග ද එක්ව සිටී. ඔහු කියන්නේ පොලිසිය එළෙස ඝාතනය කිරීමට සහාය දිය යුතු බවය.

ප්‍රසන්න රණතුංග මෙම ප්‍රකාශය පාර්ලිමේන්තුවෙහි දී කළේ 2022 ඔක්තෝම්බර් 12 වන දින අහුන්ගල්ල පොලිසිය විසින් අත්අඩංඟුවට ගෙන වෙඩි තබා ඝාතනය කරන ලද කටුවන ගම්චාරිගේ මහේෂ් ඉන්දික ප්‍රභාත් නම් පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසියට විරුද්ධව නඩු පවරන ලෙස  දින කිහිපයකට පෙර අධිකරණය නියෝග කර තිබියදී ය. එම නියෝගය කළේ බලපිටිය මහෙස්ත්‍රාත් ආර්. ඩී. ජානක විසිනි.

ගම්චාරිගේ මහේෂ් ඉන්දික ප්‍රභාත් ඝාතනය කරන ලද්දේ ද පතාලයට සම්බන්ධ සැකකරුවකු ලෙස දක්වා, සුපුරුදු ආයුධ පෙන්වීමේ කතාන්තරය යටතේය. ඔහුට වෙඩි තබා ඇත්තේ ඉතා සමීපයේ සිට හිතාමතාම බවත් ආත්මාරක්ෂාව සඳහා වෙඩි තැබූ බව පිළිගත නොහැකි බවත් අධිකරණය තීරණය කර තිබේ.

කල්බ් වසන්ත ඝාතනයට මුල බව කියැවෙන මාකඳුරේ මධූශ් ඝාතනය ද පොලිස් අත්අඩංඟුවෙහි දී සිදු වූ එවැනිම ඝාතනයක් විය.

ටිරන් අලස් සහ ප්‍රසන්න රණතුංග සාධාරණ කරන්නේ පොලිසියේ එවැනි අනීතික ක්‍රියාය.

මෙම කරුණ අපට වැදගත් වන්නේ කල්බ් වසන්තට වෙඩි තැබූ ඝාතකයින්, මාකඳුරේ මධුශ් අනීතිකව ඝාතනය කළ පොලිස් ලොක්කා ද ඉලක්ක කර ඇතැයි ද යූ ටියුබ් කරුවන් කියන නිසාය.

දේශපාලනඥයින් රොත්තක්ම ක්ලබ් වසන්තගේ පහස විඳ තිබේ…

එපමණක් නොවේ. ටිරාන්- දේශබන්දු පාතාල මර්දන කොමඩිය රඟ දැක්වෙන අතරතුරේම ක්ලබ් වසන්ත සමඟ මෙරට ජනාධිපති දක්වාම වූ දේශපාලනඥයින් ජෝගි නැටූ බව හෙළි වී ඇති නිසාය. යූ ටියුබ්කරුවකු සමඟ ක්ලබ් වසන්ත කියා ඇති පරිදි යළි හෝටල් ව්‍යාාපරයට එළඹෙන ලෙස රනිල් රාජපක්ෂ ඔහු හමු වී කියා සිට තිබේ. මහින්ද රාජපක්ෂගේ සිට රනිල් රාජපක්ෂ දක්වා දේශපාලනඥයින් රොත්තක්ම ක්ලබ් වසන්තගේ පහස විඳ තිබේ.

සමහර යූ ටියුබ්කරුවන් මහින්ද රාජපක්ෂට චෝදනා කරන්නේ කල්බ් වසන්ත ලවා දේශපාලනඥයින්ගේ ලිංගික ජීවිතය ගැන වීඩියෝ ලබා ගෙන ඔවුන් බ්ලැක් මේල් කළ බවටයි. එම චෝදනා ව්‍යාජ ඒවා නම් රාජපක්ෂලා එම යූ ටියුබ්කරුවන්ට විරුද්ධව නඩු මඟට යනවා ඇත.

පෙනෙන විදිහට ක්ලබ් වසන්ත ද යම් ආකාරයකට සංවිධානාත්ම අපරාධ ජාලයට සම්බන්ධ වී සිට තිබේ. එමෙන්ම ඔහු කොකේන් බෙදා හැරි බවට ද චෝදනා එල්ල වී තිබේ.  දේශපාලනඥයින් ඔහු සමඟ කෙළිදෙලෙන් ගත කළේ ඒ බව නොදැන විය නොහැකිය.

සංවිධානාත්මක අපරාධ ගවේශනය බාරව කලක් කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩිට අනුව ද මෙම ඝාතනය කලු සල්ලි සුදු කිරීම පිළිබඳ පලි ගැනීමක් විය හැක.එසේ තිබියදීම කල්බ් වසන්ත වධක පොලිස්පති දේශබන්දුගේ ද මිතුරකු වී යැයි චෝදනා එල්ල වී තිබේ.

පොලිසිය රඟ දැක්වූයේ නාට්ටියකි…

කල්බ් වසන්ත ඝාතනයෙන් පසු දේශබන්දුගේ පොලිසිය රඟ දැක්වූයේ නාට්ටියකි. නඩු භාන්ඩ වශයෙන් සුරැකිව තබා ගත යුතු ඝාතනය දැක්වෙන වීඩියෝ පට මාධ්‍යට බෙදා දුන්නේය. ඉන්පසු අත්අඩංඟුවට ගත් ටැටූ සැලෝන් හිමිකරුගෙන් ප්‍රකාශයක් ලබා ගෙන, දෙවැනි වරටත් ජනමාධ්‍ය කැඳවා ප්‍රශ්න කිරීමක් රූ ගත කළේය.

සැලොන් හිමිකරු ඝාතනයට එම විවෘත කිරීමේ උත්සවයට සිය දරුපවුල ද කැඳවා තිබුණි. වෙඩි වරුසා ඝාතනයක් සංවිධානය කිරීමට සම්බන්ධ නම් ඔහු දරුපවුල නොකැඳවන්නට ඉඩ තිබුණි.  කෙසේ වෙතත් දේශබන්දුගේ පොලිස් නාට්ටියේ තේරුම නම් සැබෑ අපරාධකරුවන් වෙනුවට වෙනත් අයකු ඉදිරිපත් කිරීම බව පෙනේ.

ඝාතයින් පළපුරුදු තුවක්කුකරුවන්..

කල්බ් වසන්ත ඝාතයින් පළපුරුදු තුවක්කුකරුවන් බව පෙනේ. ඒ එක් ඝාතකයකුගේ පතුරම් අවසන් වූ විට අනෙකා ඉදිරියට පැමිණ වෙඩි තැබීමෙනි.

සංවිධානාත්මක අපරාධ ඝාතකයින් යුද හමුදා පුහුණුව ලැබ ඉවත් වූ පිරිස්ය. පශ්චාත් යුද්ධ සමාජයක යුද සෙබළුන්ට මානසික සහ ආර්ථික සහාය නොලැබෙන විට ඔවුන් සමහරකු තමන් දන්නා රැකියාවට පෙළඹේ. එනම් ගිනි අවි භාවිතයයි.

කල්බ් වසන්ත ඝාතනය සහ මෑත සිදු වූ එවැනිම ඝාතන අපට පෙන්වන්නේ මෙරට සමාජයෙහි ඉතාම භයානත අපරාධ ජාලයක් සහ ඝාතක කණ්ඩායම් සිටීමයි. එම පිරිස් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට විරුද්ධව පමණක් නොව, දේශපාලන සහ සමාජ ක්‍රියාකාරීනට විරුද්ධව වුව යොදා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ රුපියල් මිලියන කිහිපයක් පමණි.

අපරාධ වර්ධනය වන්නේ දේශපාලනඥයින්ගේ සෙවනේ..

මත්ද්‍රව්‍ය භාවිතය සමාජ සහ සෞඛ්‍ය ප්‍රශ්නයකි. එයට විසදුම මර්දනය තුළ නැත. සංවිධාත්මක අපරාධ වර්ධනය වන්නේ දේශපාලනඥයින්ගේ සෙවනේය. ජේආර් ජයවර්ධනට සහ රනිල් වික්‍රමසිංහට ගෝනවල සුනිල් සිටියේය. ගෝනවල සුනිල්ට බටලන්ද වධකාගාරයේ නිවසක්ද තිබුණි. ප්‍රේමදාසට සොත්ති උපාලි සිටියේය. චන්ද්‍රිකා කුමාරතුංගේ අංගාරක්ෂකයකු ලෙස බැද්දගානේ සංජීව නම අපරාධකරු සිටියේය. මහින්ද රාජපක්ෂට වම්බොට්ටා සහ ප්‍රින්ස් කොලම් ඇතුලු බොහෝ චණ්ඩි සිටියහ.

මෙරට පමණක් නොව සංවිධානාත්මක අපරාධ සහ මත් ද්‍රව්‍ය ජාවාරම සමාජයේ ඉහළම ස්ථර සමඟ සම්බන්ධය. දේශපාලනඥයින් ද ඒ අතර වෙති.

කල්බ් වසන්තගේ මරණයෙන් පසු ප්‍රසිද්ධයට පත් වූ විවිධාකාර තොරතුරු සහ ජායාරූප පෙන්වන්නේ එම සත්‍යයි.  මෙරට සංවිධානාත්මක අපරාධ යනු දේශපාලන බලයේ සහ දූෂණයේ කොටසකි.

එය සමඟ සටන් කළ හැක්කේ ක්‍රම වෙනසකට පමණි. ටිරාන්ගේ ඝාතන උපදෙස්වලට හෝ දේශබන්දුගේ නාට්ටිය වලට මෙම උවදුර නතර කළ නොහැක. කල්බ් වසන්ත ඝාතනය පෙන්වන ඇත්ත එයයි

-අසෝක ජයවර්ධන විසිනි – ලංකා ඊ නිව්ස් (LEN)

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…
පාස්කු ප්‍රහාරය සහ සිරිසේනගේ පැටිකිරිය….

පාස්කු ප්‍රහාරය සහ සිරිසේනගේ පැටිකිරිය….

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සිරිසේනගේ හඬපට හේමසිරි අතේ..! සිරිසේන ලෙඩ වීම පට්ට පල් බොරුවක්..! මෙන්න ඇත්ත..! -රසල් හේවාවසම් හෙළිකරයි (ලංකා ඊ නිව්ස්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *