කෘෂිකර්ම කටයුතු සඳහා භුමිතෙල් නිකුත් කිරීම විධිමත් කෙරේ

කෘෂිකර්ම කටයුතු සඳහා භුමිතෙල් නිකුත් කිරීම විධිමත් කෙරේ

  • November 28, 2022
  • No Comment
  • 194

කෘෂිකර්ම කටයුතු සදහා භුමිතෙල් නිකුත් කිරීම විදිමත් කර තිබෙනවා. මේ සඳහා පළාත් ප්‍රධාන ලේකම් දිසාපතිවරුන් හරහා ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බවයි ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් කීර්ති තෙන්නකෝන් මහතා පවසන්නේ.

ධීවරයින්ගේ භුමිතෙල් ගැටලුව විසදනු ලැබු යාන්ත්‍රනමය කෘෂිකර්ම කටයුතු සඳහා ද භාවිත කිරීමයි අපේක්ෂා වී ඇත්තේ. ඒ අනුව ඉදිරි දින තුන තුළ ශ්‍රී ලංකාවේ සියලුම කෘෂිකාර්මික ප්‍රදේශවලට භුමිතෙල් නිකුත් කිරීම හෙට සිට ආරම්භ කරන බව තෙන්නකෝන් මහතා සදහන් කරනවා. නොවැම්බර් 01 වනදා සිට 10වනදා දක්වා දිනකට භුමිතෙල් බවුසර් 29ක් බෙදා හැර තිබුණා. නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරිමෙන් පසු එනම් නොවැම්බර් 23 දා සිට 27 දක්වා බවුසර් 229ක් ධීවරයින් හා ගොවීන් වෙත නිකුත් කර තිබෙනවා. එය සියයට දාහතක වැඩි වීමක් බවයි තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේ. ප්‍රමාණවත් ඉන්ධන තොග තිබියදි ධීවරයින්ට භුමිතෙල් හිගයක් ඇති වුයේ ක්ෂේත්‍ර සමීක්ෂණයකින් තොරව සාවද්‍ය වාර්ථා සැපයීම නිසා බව පෙන්වා දෙන තෙන්නකෝන් මහතා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ එවන්නක් සිදු වීමට ඉඩ නොතබන බවයි සදහන් කළේ.  කෘෂි වගාවට භුමිතෙල් සැපයිමේ දී ඩොලර් ලක්ෂ 30ට ආසන්න පිරිවැයක් රජය දැරීමට සිදුවනවා. එහි උපරිම ඵලදායීතාව තහවුරු කර ගැනිමේ වගකීම ඇත්තේ පළ‌ාත් ප්‍රධාන ලේකම්වරුන්ට හ‌ා දිසාපතිවරුන්ටයි

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *