ශ්‍රී ලාංකික හෙදියන් 4000කට සිංගප්පුරුවේ රැකියා අවස්ථා

ශ්‍රී ලාංකික හෙදියන් 4000කට සිංගප්පුරුවේ රැකියා අවස්ථා

  • November 23, 2022
  • No Comment
  • 56

ශ්‍රී ලාංකික හෙදියන් 4000 ක් සිංගප්පුරුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එක් කර ගැනීමට එරට රජය තීරණය කර තිබෙනවා.

සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මේ සම්බන්ධයෙන් අධ්‍යනයය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණියා.

ලබන වසර තුළ ශ්‍රී ලාංකික හෙද හෙදියන් හාරදහසක් සිංගප්පූරු සෞඛ්‍ය අංශ වෙත බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

ඒ පිළිබඳ මූලික කටයුතු සොයා බැලීමට මෙන්ම අධ්‍යයනයට දස දෙනෙකුගෙන් සමන්විත සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට ළඟා වුණා.

සිංගප්පූරු සෞඛ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට ශ්‍රී ලාංකික හෙදියන්ට මෙසේ අවස්ථාව සැලසී ඇත්තේ වසර 20 කට පසුව බවයි සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කම්කරු හා සුබසාධන ප්‍රධානී නිපුණ තිබ්බටුමුනුව මහතා කටුනායක ගුවන්තොටුපොලේදී ප්‍රකාශ කළේ.

සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක මෙම අධ්‍යයන චාරිකාවේදී එරට නියෝජිත පිරිස ශ්‍රී ලංකා හෙද විදුහල, ජයවර්ධනපුර මහ රෝහල, කොළඹ පෞද්ගලික රෝහලක් මෙන්ම විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ විෂයන් පිළිබඳ පරීක්ෂණයක නිරත වනු ඇති.

මෙම ව්‍යාපෘතියේ නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලාංකික හෙද හෙදියන් 150 දෙනෙකු තෝරා ගෙන පළමු කණ්ඩායම ලෙස මෙම වැඩසටහන සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මියගේ අධීක්ෂණය යටතේ එම කාර්යාලයේ කම්කරු හා සුබසාධන අංශය මගින් සංවිධාන කර තිබෙනවා.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *