රාජ්‍ය සේවකයින්ගේ පහසු ඇඳුමේ චක්‍ර ලේඛනය සංශෝධනයට – අධ්‍යාපන ඇමති

රාජ්‍ය සේවකයින්ගේ පහසු ඇඳුමේ චක්‍ර ලේඛනය සංශෝධනයට – අධ්‍යාපන ඇමති

  • November 22, 2022
  • No Comment
  • 60

රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් නිකුත් කළ චක්‍රෙල්ඛනය සංශෝධනය කිරීමට දැනුම් දුන් බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අයවැය දෙවන වර කියවීමේ අවසන් දිනය වන අද අයවැය විවාදය අතරතුරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

ඊයේ දිනයේ ඇතැම් පාසල් කිහිපයක ගුරුවරු සාරිය හෝ ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම් වලින් පාසලට පැමිණීම සම්බන්ධයෙන් මාධ්‍ය වල වාර්තා වී තිබූ අතර මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

කොවිඩ් වසංගතය සමයේ (5/2022 ) චක්‍ර ලේඛනයට අනුව රාජයේ කාර්යාල වල සේවය කරන රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් අවසර ලබා දුන්නා. එතනින් තමයි මේ ප්‍රශ්නය ආරම්භ වුණේ. රාජ්‍ය සේවකයෝ කිව්වම ගුරුවරුත් රාජ්‍ය සේවකයෝ, මමත් ඔය රූප රාමු දැක්කා , බැලූ බැල්මට ඔය රූප රාමු පාසල් වල රූප රාමු නොවෙයි.

එහෙත් නැවතත් එම චක්‍ර ලේඛනය සංශෝධනය කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ට දැනුම් දුන් බව අධාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *