කෘෂි පර්යේෂණ ආයතනයට පිරිසක් බලහත්කාරයෙන් ඇතුළුවෙයි..

කෘෂි පර්යේෂණ ආයතනයට පිරිසක් බලහත්කාරයෙන් ඇතුළුවෙයි..

  • November 21, 2022
  • No Comment
  • 55

මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයට බලහත්කාරයෙන් ඇතුළු වූ පුද්ගලයින් පිරිසක් එහි සේවය කරන කෘෂි විද්‍යාඥයින් හා නිලධාරින්  අපහසුතාවට පත් කරන ආකාරයට කටයුතු කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය පැවසුවේ, ගොවි එකමුතුවක් යැයි පවසන සංවිධානයක පිරිසක් පෙරේදා මෙසේ අනවසරයෙන් පර්යේෂණ ආයතනයකට ඇතුල් වී ඇති බවයි.

අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා පොලිස්පතිවරයාට පැමිණිලි කරන ලෙස ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

එසේම ඉදිරියේදි කිසිම පුද්ගලයෙකුට නිසි අවසරයකින් තොරව බලහත්කාරයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් කිසිඳු ගොවිපොළකට හෝ පර්යේෂණ ආයතනයකට ඇතුළුවීමට ඉඩ නොදීමට අදාළ ආයතන බලධාරින්ට උපදෙස් දෙමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද නියමිතය.

නීත්‍යනුකූල ගොවි සංවිධාන ලෙස පිළිගනු ලබන්නේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචිව සිටින ගොවි සංවිධාන හා ඒවායෙහි නියෝජිතයින් පමණක් බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ ය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *