මාරි බිස්කට් තේ බොන්නමද හැදුවේ?
- November 12, 2022
- No Comment
- 342
මේ වෙනකොටනම් බිස්කට් කියා ගන්න බැරි තැනට ලංකාවේ අපි ආර්ථික අතින් වැටිල ඉන්නේ. ඒ වගේම තමයි බිස්කට්වල මිලත් අහස උසට නැගලා. ඉතින් ඒ කොහොම වුනත් ලොකු, කුඩා හැමෝම කැමති මාරි බිස්කට් ගැන කතා කරන ගමන් ඉතිහාසයට ගිහින් එන්නයි lifie අපි ලෑස්ති වෙන්නේ. මාරි අනික් බිස්කට් වලට සාපේක්ෂව බරට අනුව මිල අඩුයි. මේක ටිකක් දුප්පත් කෑමක් විදියට තමයි සලකන්නේ. ඒත් මෙහි ඉතිහාසයට අනුව නම් මාරි බිස්කට් එක, රාජකීය කෑමක්.
01. මාරි බිස්කට්!
මාරි කියන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලේ තේ මේසයට තියන්න හදපු බිස්කට් වර්ගයක්. මාරි බිස්කට් කන්න හොඳම වේලාව හවසට තේ බොන වේලාව කියලා අපි දන්නවා. ඒ විතරක් නෙමෙයි බිස්කට් එක තේ එකේ පොඟවල ගත්තම හරිම රසයි. තේ එකේ පොඟවන් කන්න මාරි තරම් වෙන බිස්කට් එකක් නැති තරම්. මොකද ඒක හදල තියෙන්නේම තේ වල පොඟවලා කන්න. මාරි බිස්කට් රස වැඩිම අපේ රටේ තේ වල පොඟවල කනකොටයි.
02. රැසියානු අධිරාජ්‍යයේ සාක්ස් තුමාගේ දියනිය මාරියා
බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කියන්නේ ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ අණසකට යටත් කරගත් රටක්. 17 ශතවර් ශයේ අග භාගයේ කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යෙය් බලය උපරිමයටම පැතිරිලා තිබුන කාලයක්. 1837 දී ඔටුන්න හිමි කර ගත් වික්ටෝරියා රැජිණිය මේ කාලෙදි ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසක්ම තමන්ගේ යටතට නතු කරගෙන හිටියා. රැසියාවේ දෙවැනි ඇලැක්සැන්ඩෙර් තුමාගේ දියණිය වුණු මාරියා ඇලෙක්සැන්ඩෝනා කුමරිය වික්ටෝරියා අධිරාජිනියගේ පුතා වූ එඩ්වඩ් කුමරු අතර වුණු විවාහය 1878 දී සිදු වුනා. රුසියානු අධිරාජ්‍යයාගේ දියණියත් බ්‍රිතාන්‍ය මහ රජුගේ පුතාත් අතර ඇති වුනු මේ විවාහය බලවත්ම අධිරාජ්‍ය දෙකක් අතර කිට්ටු සම්බන්ධයක් ඇතිවිමේ ආරම්භය විදිහටයි සැලකුනේ. මේ නිසා එම මංගල්‍යය මහ ඉහළින් සමරන්න රටවල් දෙකේම ජනතාවන් පෙළගැසුණා.
03. රාජකීය විවහාය වෙනුවෙන් නිල බිස්කට් එකක්
අපි දන්නවා බ්‍රිතාන්‍ය රජ පවුලේ වුන විවාහයක් අදටත් සැලකේනේ බ්‍රිතාන්‍යයේ ජාතික මංගල්‍යයක් විදිහට. සතියකට වැඩි කාලයක් තිස්සේ මුළු එංගලන්තයම සැණකෙළියක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි වෙන්න ඉඩ කඩක් තියෙන දරුවෙක් ලැබන විවාහයකට යොමුවීම ඉතාම ඉහළයි. කේට් කුමරිය ඩයනා කුමරිය වගේ ඇයගේ විවාහය ඉහළින් සැමරුවේත් අන්න ඒ හේතුව නිසයි.
මාරියා කුමරිය සහ එඩ්වඩ් කුමාරාගේ විවාහය වෙනුවෙනුත් බ්‍රිතාන්‍යය මහා ඉහළින් සූදාන්ම වුනා. විවාහයට අවශ්‍ය රජකීය ඇඳුම්, පැළඳුම්, සපත්තු රාජකීය ආභරණ අශ්ව කරත්තය කේක් එක ඇතුළු නානප්‍රකාර දේවල් හදන්න ඉතා දක්ෂ අයටයි පැවරැනේ. මාරියා කුමරිය බ්රිතන්යයට පිලිගැනීමක් විදිහට නිල බිස්කට් වර්ගයක් බිහි වෙන්නේ අන්න ඒ අනුවයි. ලන්ඩනයේ තිබුන සුවිසල් බේකරියක් තමයි මෙය නිර්මාණය කළේ. එය මාරියා කුමරියගේ නමින් මාරියා බිස්කට් විදිහටයි නම් කෙරුනේ.
04. මාරියා බිස්කට් වල සුවිශේෂත්වය
මේ කාලය වන විටත් මහා බ්‍රිතාන්‍ය තුළ තේ බොන එක බොහොම වැදගත් සම්ප්රදායක් විදිහට සැලකුවා. බොහෝ අවස්ථාවල ඒ වෙලාවට කෙටි කෑම ගත්තා. කාලයක් තිස්සේ පැණි රසින් වැඩි රිච් බිස්කට් එකක් තමයි එයාල කෑවේ. මේ නිසා රිච් ටී බිස්කට් එකක් වගේම තේ බොන ගමන් කන්න සුදුසු එකක් විදිහටයි මේ මාරියා බිස්කට් එක හැදුවේ. රාජකීය විවාහයක් වෙනුවෙන් බිස්කට් එකක් නිර්මාණය කරන විට එය කිසිසේත්ම අඩුවෙන් සලකන්න බෑ. ඒ නිසා දක්ෂතම බේකරි කරුවන්, රස බලන්නන් සහ හොඳම අමුද්‍රව්‍යය ඒ වුනවෙන් යොදා ගන්න ඔවුන් කටයුතු කළා. කොහොම වුනත් රටේ ඕනෑම කෙනෙක්ට රස බලන්න පුළුවන් විදිහට අඩු මිලක් තියෙන බිස්කට් එකක් විදිහටයි එය නිර්මාණය කළේ. එහි ඉතා බහුලව තිබුන තිරිගු පිටි, සීනි, සූරියකාන්ත තෙල් සහ වැනිලා සාරය කියන අමුද්‍රව්‍ය 4 යොදා ගෙන මාරියා බිස්කට් එකේ වට්ටෝරැව සකස් වුනා.
05. මාරි බිස්කට් එකේ ජනප්‍රියත්වය
මිහිරි රසයක් තියෙන මාරියා බිස්කට්, මාරි, මාරියා සහ මාරියට් යන නම් වලින් යුරෝපය පුරාම ලොකු, පොඩි කා අතරත් ජනප්‍රිය වුණා. එංගලනතය තුලත් මුලින් මාරියා ලෙස හඳුන්වපු බිස්කට් එක පසුව මාරි නමින් තමයි ප්‍රසිද්ධ වුනේ. ඕනෑම සමාජ මට්ටමක කෙනෙක්ට බොහොම පහසුවෙන්ම හදා ගන්න පුළුවන් වීම තමයි එය ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුව වුනේ.
1980 වගේ වෙද්දි යුරෝපයේ හැම රටකම වගේ මාරි බිස්කට් වාණිජ ලෙස නිෂ්පාදනය කරන්න ඇරඹුනා. වැදගත්ම ලක්ෂණය වුනේ එය බේක් කිරීමෙන් පසු වියලීමට ලක් කිරිම. මේ නිසා සුළං වදින්නැති සීල් භාජනයකට දැම්මාම එය මාස කීපයක් තරම් දිගු කාලයක් තියාගන්නට පුළුවන්. ඒ නිසා නිවසේදීම හදාගත්තොත් මාරි බිස්කට් පහසුවෙන්ම කල් තබා ගන්න පුළුවන්. තේ බොන වේලාවට අමතරව දවසේ ඕනෑම වේලාවට කෙටි ආහාරයක් විදිහටත් මේ මාරි බිස්කට් ඉතාම ජනප්‍රිය වුනා.
06. පාන් වෙනුවට ආදේශකයක්
මාරි බිස්කට් එකේ තවත් වැදගත්ම, අපූරුම දේ තමයි එය වෙනත් ජෑම්, බටර් වැනිි දේවල් එක්ක ගැලපීම. උකු කිරි, මාමයිට්, සිරප්, ජෑම්, බටර් ඒ විතරක් නෙමෙයි කස්ටඩ් වගේ දේවල් තවරපු බිස්කට් දෙකක් එක මත එක තබලා බොහොම රස පෝෂ්‍යදායී ආහාරයක් සකස් කර ගන්නත් පුළුවන්. ඉතින් පාන් වලන් සැන්විච් සකස් කරනවා වෙනුව විශාල ප්‍රමාණයේ මාරි බ්ස්කට් වලින් හදපු සැන්විච් කන්නත් ගොඩක් අය කැමති වුනා.
07. බිස්කට් එකේ හැඩයේ සුවිශේෂිත්වය
මාරි බිස්කට් කියන්නේ සරල වට්ටෝරුවක් නිසා එය කැමති හැඩයකින් කැමති ප්‍රමාණයකින් හදා ගනන් පුළුවන්. කොහොම වුනත් වාණිජ වශයෙන් මාරි බිස්කට් එක හදන හැම එකක්ම වගේම 1974 දී මුල්ම වරට මාරි බිස්කට් එක හදපු අයට ගෞරවයක් විදිහට මේ හැඩයම පාවිච්චි කරනවා. ලෝකය පුරාම තිබෙන මාරි බිස්කට් ගොඩක් වෙලාවට පෙනුමෙන් එක සමානයි. වාණිජ මාරි බිස්කට් එකක් හැම වෙලාවෙම රවුම් හැඩයක් ගන්නවා.
08. මාරි බිස්කට් වලින් හැදෙන වෙනත් කෑම
මරි බිස්කට් එකේ තවත් සවිශේෂිත්වයක් තමයි එය වෙනත් කෑම හදන්න පහසුවෙන්ම යොදා ගන්න පුළුවන් වීම. පුඩිං, කේක් වර්ග මේකට හොඳම උදාහරණයක්. මාරි බිස්කට් එකේ පිටි, සීනි, මේදය, සහ වැනිලා ඉතාම මිහිරි අනුපාතයික් අඩංගුයි. මේ නිසා බිස්කට් පුඩිං එකට හරියටම හරි යනවා. ඒ වගේම මාරි බිස්කට් කුඩු වලින් අතුරුපස වර්ග සාදා ගැනීමටත් පුළුවන්. බිත්තර හා කිරි හදන්න යොදා ගන්නේ නැති නිසා නිර්මාංශ ආහාර ගන්න අයටත් හොඳින්ම ගැළපෙනවා.