“මහබැංකුව සහ භාණ්ඩාගාරයට කරුණු පැහැදිලි කොට ආයෝජකයන් දිරිගන්වනසුලු නව පැකේජයක් සැකසිය යුතුයි”

“මහබැංකුව සහ භාණ්ඩාගාරයට කරුණු පැහැදිලි කොට ආයෝජකයන් දිරිගන්වනසුලු නව පැකේජයක් සැකසිය යුතුයි”

  • November 19, 2022
  • No Comment
  • 56

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ආයෝජන මණ්ඩලයට උපදෙස් දෙයි

පවතින ආයෝජන පැකේජය ආයෝජකයන් ආකර්ෂණය කිරීමට ප්‍රමාණවත් නොවන බවත් මහබැංකුව සහ භාණ්ඩාගාරයට කරුණු පැහැදිළි කොට ආයෝජකයන් දිරිගන්වන සුලු නව පැකේජයක් සැකසිය යුතු බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පසුගියදා ආයෝජන මණ්ඩලයට (BOI) උපදෙස් ලබා දුන්නේය.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (15) පැවති ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මෙම උපදෙස් ලබාදෙන ලදී.

මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා අවධාරණය කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමේදී ද ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබිය යුතු බැවින් ඉහත සඳහන් කරුණු ශ්‍රී ලංකා මහ බැංකුවට සහ මහා භාණ්ඩාගාරයට පැහැදිලිව සන්නිවේදනය කිරීම අතවශ්‍ය බවයි.

එසේම පවතින පැකේජය යටතේ ව්‍යාපෘති, ආයෝජන සහ රැකියා කොපමණ පුමාණයක් ලැබී තිබේද යන්න පිළිබඳ දත්ත මීළඟ රැස්වීමේදී ඉදිරිපත් කරන ලෙස කමිටුව විසින් ආයෝජන මණ්ඩලයට උපදෙස් දෙන ලදී.

මෙහිදී BOI නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ අනෙකුත් රටවල් හා සැසදීමේදී ආයෝජන මණ්ඩලය ලෙස තමන්ට ආයෝජකයන්ට ලබාදිය හැකි සහන අවම මට්ටමක පවතින බවත්, බදු සහන ඉවත් කිරීම නිසා ආයෝජකයින් පැමිණීමේ අඩුවීමක් දැකිය හැකි බවත්ය.

ආයෝජන සදහා විදේශිකයන්ට ඉඩම් මිලදී ගැනීමට හැකිවන පරිදි නීති සංශෝධනය කිරීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩයනා ගමගේ, ප්‍රසන්න රණවීර, ජානක වක්කුඹුර, අරවින්ද කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක සහ ගුණතිලක රාජපක්ෂ යන මහත්ම මහත්මීහූද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *