මැයි 9 වැනිදා පොහොට්ටුවේ මැර ප්‍රහාරයට ලක්වූ අරගලකරුවන්ගේ වෛද්‍ය වාර්තා උසාවිය ඉල්ලයි

මැයි 9 වැනිදා පොහොට්ටුවේ මැර ප්‍රහාරයට ලක්වූ අරගලකරුවන්ගේ වෛද්‍ය වාර්තා උසාවිය ඉල්ලයි

  • November 20, 2022
  • No Comment
  • 48

පසුගිය මැයි 9 වැනිදා ගාලු මුවදොර පිටියේදී සහ අරලියගහ මන්දිරය අසලදී සාමකාමී අයුරින් රජයට එරෙහිව විරෝධතාවල නිරතව සිටියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් එල්ල කළ අමානුෂික ප්‍රහාරයට ලක්වූයේ යැයි කියන පෙත්සම්කරුවන්ගේ වෛද්‍ය වාර්තා තම අධිකරණයට කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධීකරණය සිකුරාදා නියොග කළේය.

එකී පහරකෑමට ලක්වූයේ යැයි කියන හයදෙනකු විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස්, කොටුව, කුරුඳුවත්ත, කිරුළපන හා වරාය පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් 20 දෙනකු වගඋත්තරකරුවන් ලෙස පෞද්ගලිකවත් තවත් පොලිස් නිලධාරීන් පිරිසක් රාජකාරි මට්ටමෙන් වගඋත්තරකරුවන් ලෙසටත් නම් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේය. එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන වසරේ ජනවාරි 20 වැනිදා යළි කැඳවීමට ද ප්‍රීති පද්මන් සූරසේන හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල වැඩිදුරටත් නියෝග කළේය.

එම නඩුවේ සෙසු වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා සහ ජනාධිපති ලේකම්වරයා නම් කර තිබිණි. තමන්ට සිදුකළ අමානුෂික පහරදීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටිය දීම තමන්ට එරෙහිව අධිකරණ හමුවේ නඩු පවරා ඉදිරියට පවත්වාගෙන යෑමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බැවින් එකී විත්තිකරුවන් පෞද්ගලිකව හා රාජකාරි මට්ටමින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට නිගමනය කරන ලෙසට ද එම පෙත්සම්කරුවන් ඉල්ලා ඇත.

ඒ. ජේ. ඒ අබේනායක (Divaina)

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *