ගුවන් යානයෙන් කුදලන් ආ අරගලයේ කලබලකාරයාගේ කතාව

ගුවන් යානයෙන් කුදලන් ආ අරගලයේ කලබලකාරයාගේ කතාව

  • July 28, 2022
  • No Comment
  • 39

රූපවාහිනියට කඩා පැන්න ධානීෂ් අන්තවාදී අදහස් දරපු කෙනෙක්

ඉකුත් අප්‍රේල් මස 09 වැනිදා ඇරඹුණු ගාලු මුවදොර අරගලය රටේ දේශපාලනයේ දැඩි වෙනසක් සිදු කළද,අද වන විට එම අරගලයට සම්බන්ධ විශාල පිරිසකට රක්ෂිත බන්ධනාගාර ගත වන්නට සිදුවී ඇත්තේ පොදු දේපොළ පනත,පුරාවිද්‍යා පනත ඇතුළු විවිධ පනත් ඔස්සේ ඔවුන්ට විරුද්ධව පොලිසිය අධිකරණයේ නඩු ගොනු කිරීමට කටයුතු කිරීම නිසාවෙනි.පසුගිය ජූලි 09 වැනිදා අරගලයට මූලිකත්වය දුන් පිරිස අතරින් එක් අයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය මත විශේෂ පොලිස් කණ්ඩායමක් පෙරේදා (26 වැනිදා) සවස අත්අඩංගුවට ගත්තේ කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් යානයක සිටියදීය.එම අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ ආගමන විගමන සියලු පරීක්ෂා කිරීම් අවසන්වීමෙන් පසුව වීම හාස්‍යයට කරුණකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා අරගලකරුවන් ඉකුත් ජූලි 13වැනිදා සිදුකළ දැවැන්ත අරගලයේදී රූපවාහිනී සංස්ථාව වැටලීමට ද පිරිසක් කටයුතු කළහ.මෙහිදී ජාතික රූපවාහිනියේ විකාශන කටයුතු යම් කාලයක් නතර කෙරුණු අතර,රූපවාහිනියට කඩා වැදුණු අරගලකරුවන් එහි නිලධාරීන්ට කියා සිටියේ අරගලයේ වැඩසටහන් විකාශය කරන ලෙසය.මෙලෙස බලපෑම් කර ලද අරගලකරුවන්ගෙන් මූලිකත්වය ගෙන සිටියේ ධානීෂ් අලි ය.ඔහු රූපවාහිනී සංස්ථාවට කඩා පැන නිලධාරීන්ට බලපෑම් කරමින් සජීවී වැඩසටහනක්ද සිදු කළේය.

“ටෙලිකාස්ට් එක නතර කරන්න.වහාම අරගලයේ ටෙලිකාස්ට් එක විතරයි යන්න ඕනේ.කෝ ඔයාලගේ පෝග්‍රෑම් එක කෝ.හරි අප්..හරි අප්..පෝග්‍රෑම් ලිස්ට් එක ගන්න.අපි අරගලකාරයෝ එච්චරයි.“යනුවෙන් පවසමින් ජාතික රූපවාහිනි‍යේ නිලධාරීන්ට බලපෑම් කළේ ධානීෂ් අලි ය.මේ නිසා පොලිසිය පමණක් නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද ඔහු ගැන ඇස ගසාගෙන සිටියේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.225 දරන ගුවන් යානය පෙරේදා (26 වැනිදා) සවස ඩුබායි බලා ගුවන්ගත වීමට නියමිතව තිබුණේ පස්වරු 6.35 ටය.මේ ගුවන් යානයේ එක් ගුවන් මගියකු වූයේ රොෂාන් ධානීෂ් අලිය.ගාලු මුවදොර අරගලයේ බොහෝදෙනා ඔහු ඇමතූවේ ධානීෂ් අලි ලෙසය.ධානීෂ් අලි ගුවන් යානයේ අසුන්ගෙන සිටියදී එකවරම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගුවන් යානයට ගොඩවූහ.එවිට වේලාව පස්වරු 5.45 ට පමණ විය.එම පිරිස ධානීෂ් අලි අත්අඩංගුවට ගැනීමට සූදානම් වීමත් සමග ගුවන් යානය තුළ ඇතිවූයේ උණුසුම් තත්ත්වයකි.

මෙම අවස්ථාවේදී ධානීෂ් අලි පොලිස් නිලධාරීන්ට දැඩි විරෝධතාවයක් දැක්වූවේය.මේ නිසා විශේෂ පොලිස් නිලධාරීන්ගෙන් බේරීමට ධානීෂ් පොර බදන්නට විය.

එමෙන්ම,ධානීෂ් අලිට විරුද්ධව විදේශ ගමන් තහනමක් හෝ වරෙන්තුවක් ඇත්නම් එය පෙන්වන ලෙසද ගුවන් මගීන් කීප දෙනකු විශේෂ පොලිස් කණ්ඩායමට කීහ.මෙහිදී පොලිස් නිලධාරීන් කීවේ එය තව සුළු මොහොතකින් රැගෙන පැමිණෙන බවය.

මෙහිදී එක් පොලිස් නිලධාරියකු කියා සිටියේ “අපි අත්අඩංගුවට ගන්නේ අපේ නීති රීති අනුකූලව බවය.“ ධානීෂ් අලි ඔහුට කියා සිටියේ “ගෝඨාභය පන්නන්න ආපු අපිට ඔයා ලොකු මනුස්සයෙක් නෙවෙයි.අරගලය කළේ ජනතාව වෙනුවෙන්.“යනුවෙනි.
මෙහිදී ගුවන් මගීන් පැවසුවේ මෙම පුද්ගලයාට වරෙන්තුවක් පැවැතියේ නම් නිෂ්කාශන කටයුතු සිදුකළ නොහැකි බවය.“ඔයාලා දැන් කොහෙන් හරි නියෝගයක් අරගෙන මේ ඇවිත් ඉන්නේ.මේක පුද්ගලික පළිගැනීමක්.හැමකෙනාම දෙන නියෝග ඔයාලා පිළිපදින්න එපා.“යැයි ගුවන් මගීන් කීප දෙනෙකුම කියා සිටියහ.

ධානීෂ් අලි දිගින් දිගටම කියා සිටියේ තමාට යෑමට ඉඩ සලසා දෙන ලෙසය.සුළු මොහොතකට පසුව පොලිස් නිල ඇඳුමින් සැරසුණු දෙදෙනකු පැමිණ ධානිෂ් අලී ගේ වරෙන්තුව ලබා දුන් අතර,ධානීෂ් අනෙකුත් ගුවන් මගීන්ට කියා සිටියේ එය ඡායාපිටපතක් බැවින් පිළිගැනීමට නොහැකි බවය.මේ අවස්ථාවේ පොලිස් නිලධාරියකු සිය ජංගම දුරකථනයෙන් වරෙන්තුවේ මුල් පිටපත ඔහුට පෙන්නුවේය.

අධිකරණයෙන් නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.ජාතික රූපවාහිනී සංස්ථාවට ඉකුත් 13 වැනිදා කඩාපැන එහි විකාශන කටයුතු අත්හිටුවීමේ සිද්ධියට මෙම පුද්ගලයා ප්‍රධාන සැකකරුවකු බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඉකුත් 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් මුදල් අමාත්‍යාංශයේ නියෝජිතයන් පිරිසක් හමුවීමට පැමිණි අවස්ථාවේ එම අමාත්‍යාංශයේ ගේට්ටු අවහිර කිරීම සම්බන්ධව ධානීෂ් අලි ට විරුද්ධව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරන ලද නඩුවකට පෙනී නොසිටීම සම්බන්ධව ඔහුට විරුද්ධව එම අධිකරණයෙන් වරෙන්තුවක්ද නිකුත් කර ඇත.එමෙන්ම,පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී ඉකුත් 09 වැනිදා පැවැති විරෝධතාවය අතරතුර දී පොදු දේපොළවලට හානි කිරීම සම්බන්ධවද පොලිසිය විසින් ධානීෂ් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණය මගින් ඇප මත මුදා හරින ලදි.
ජනාධිපති ලේකම් කාර්යාලය ආශ්‍රිතව විරෝධතාකරුවන් ඉකුත් 12 වැනිදා රැඳී සිටි ස්ථානයේදී යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට පහරදී ඔවුන් බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන්ද ධානීෂ් අලි සැකකරුවකු බවට පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත්කර ඇත.

එමෙන්ම,ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරුවට යම් හානියක් සිදුකරන බවට පොලිසියට ඉකුත් 20 වැනිදා ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගිය කොටුව පොලිසියේ නිලධාරීන්ට මෙම පුද්ගලයා තර්ජනය කර ඇතැයිද පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර තිබේ.

රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් කඩා වැදීම සම්බන්ධවද ධානීෂ් අලි ඇතුළු පිරිසට විරුද්ධව කුරුඳුවත්ත පොලිසිය විසින් අධිකරණයේ කරුණු ගොනුකර තිබුණි.පොලිසිය කියා සිටින්නේ ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම්ව සිටියදී මෙලෙස රටින් පලා යෑමට උත්සාහ කළ බවය.

කෙසේ වෙතත්,ඔහු කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන අවස්ථාවේ , විදේශ ගත වීම සදහා ගුවන් ගමන් තහනමක් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ලැබී නොතිබිණි .එම නිසා ධනීෂ් ගුවන් තොටුපොළේදී සියලු නිශ්කාශන කටයුතු නිම කර මෙම යානය වෙත පිවිස අසුන් ගෙන තිබුණි.
ධනීෂ් අලි අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, කටුනායක ගුවන් තොටුපළ ජාතික රහස් තොරතුරු ඒකකයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවේ තබා ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමටද කටයුතු කරන ලදි.අත්අඩංගුවට ගනු ලැබූ ධනීෂ් අලි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (27 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ධානිෂ් අලී ගේ වයස අවුරුදු 31 කි.මොහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකි.මාවතගම පොලිස් බල ප්‍රදේශයට අයත් මැල්වත්ත,ඉලුකේවල ගම්මානයේ පදිංචිව සිටි ඔහුට සහෝදරයන් දෙදෙනකු සහ එක් සහෝදරියක්ද සිටී.ඔහුගේ පියා දෙමළ ජාතිකයකු වන අතර,ඔහු විවාහවී ඇත්තේ 1980 වසරේදීය.විවාහයෙන් පසුව ඔහු මුස්ලිම් ආගම වැලඳගෙන ඇත.ඔහු අන්තවාදී අදහස් දරන්නකු බවද පැවසේ.සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ අදහස්වලට ධනීෂ්ගේ පියා දැඩි විරුද්ධත්වයක් දක්වා තිබේ.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දක්වා පමණක් පෙනී සිටි ධනීෂ් පාපන්දු ක්‍රීඩාවට මහත් කැමැත්තක් දක්වා ඇතැයි පැවසේ.එමෙන්ම,ඔහු පාසල් යන කාලයේදී විවිධ දේශපාලන කටයුතුවලටද සම්බන්ධවී තිබේ.

ධානීෂ් අලි සිය බිරිඳ සමග පදිංචිව සිටින්නේ දෙමටගොඩය.ඒ බිරිඳට අයත් නිවසේය.
ධනීෂ් අලි අරගලයේ යෙදී සිටියේ රැවුල සහ කොණ්ඩය වවාගෙනය.ඔහු ගුවන් යානයට ගොස් තිබුණේ කොණ්ඩය සහ රැවුල කපාගෙනය.ගුවන් යානයෙන් කුදලන් ආ අරගලයේ කලබලකාරයාගේ කතාව

ගෝඨාභය පන්නපු අපිට ඔයා ලොකු නෑ

අත්අඩංගුවට ගන්න ආ නිලධාරියාට ධානීෂ් කියයි
අන්තවාදී අ

“ ගෙදරින් මට කොණ්ඩේ රැවුල කපන්න කියලා කිව්ව නිසයි කැපුවේ.මට අද (26 වැනිදා) අධිකරණයේ පෙනී සිටින්න කියලා දැනුම්දී තිබුණේ නෑ.මට සිතාසියක්වත් කිසිම දෙයක් ඇවිත් තිබුණේ නෑ.ඉකුත් 21 වැනිදා අපිට ප්‍රහාරයක් එල්ල කළා.ඒ නිසා 22 වැනිදා අධිකරණයට යන්න තත්ත්වයක් උදාවෙලා තිබුණේ නෑ.“යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටි ධානීෂ් අලි මාධ්‍යවේදීන්ට කීවේය.

 

සාලිය කුමාර ගුණසේකර
ටී.කේ.ජී.කපිල – කටුනායක

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *