70 වසරකට අධික කාලයක් හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළු පළන් මහ රැජිණ

70 වසරකට අධික කාලයක් හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළු පළන් මහ රැජිණ

  • September 9, 2022
  • No Comment
  • 27

හිරු නොබසින අධිරාජ්‍යයේ කිරුළ පළන් බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිණ ඊයේ (08) අභවප්‍රාප්ත වූවා ය. 

බකිංම්හැම් මාළිගාව නිවේදනය කළේ, ඇබර්ඩීන්හි ස්කොට්ලන්ත වතුයායේ පිහිටි බල්මොරල් මාළිඟයේදි ඇය අභවප්‍රාප්ත වූ බවයි.

70 වසරකට අධික කාලයක් රජ කිරුළ දරමින් සිටි එළිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත විට  96 වැනි වියෙහි පසුවූ වූවා ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රෝගාතුරව සිටි  දෙවැනි එළිසබෙත් රැජිණගේ අවසන් මොහොතේ බ්‍රිතාන්‍ය රජ පවුලේ සියලු ම සාමාජිකයින් ඈ වටා රැස්ව සිටි බවයි.

රැජිණගේ මරණය පිළිබඳ විධිමත් දැනුම්දීම නිවේදනයක් මගින් ප්‍රකාශ කෙරුණු අතර  නිවේදනයේ සඳහන් වූයේ, රැජිණ ඊයේ පස්වරුවේ බැල්මොරල්හි සමාදානයේ සැතපුන බවයි.

රුජිණගේ වියෝවත් සමග බකිංහැම් මාලිගයේ බ්‍රිතාන්‍ය ධජය අඩකුඹු කෙරිණ.

බැල්මෝර් සිට රාජකීය දුම්රියක් ඔස්සේ රැජිණගේ දේහය බකිංහැම් මාලිගය වෙත ගෙන ඒමට නියිත බව විදෙස් වාර්තාවන්හි සඳහන් ය.

එළිසබෙත් රැජිණගේ අභාවයත් සමග මීළඟට සිහසුනට පතවන්නේ ඇගේ වැඩිමල් පුත් ඔටුන්න හිමි චාල්ස් කුමරුයි.

චාල්ස් නිල වශයෙන් රජු බවට ප්‍රකාශයට පත් කිරීම සිදුවන්නේ සෙනසුරාදා ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාලිගයේදී ය.

රැජිණගේ අභාවය පිළිබඳ ලෝක නායකයින් රැසක් සිය සංගවේගය පළ කර තිබේ.

මේ වසරේදී ප්ලැටිනම් ජුබිලිය සැමරූ දෙවැනි එළිසබෙත් රැජිණ ලොව දීර්ඝතම කාලයක් රාජ්‍යත්වය දැරූ රාජකීයායි.

ඇය කිරුළ දැරූ කාලය අවුරුදු  70 කට අධික ය.

1926 වසරේ අප්‍රේල් 21 වැනිදා එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි නමින්  හයවැනි ජෝර්ජ් රජු සහ එළිසබෙත් රැජණට දාව වැඩිමහල් දියණිය ලෙස උපත ලද ඇයට  මාග්‍රට් නමින් තවත් සහෝදරියක්  ද සිටියා ය.

දෙවැනි එළිසබෙත් රැජිණ දෙවන ලෝක යුද සමයේ ට්‍රක් රථ රියැදුරුවරියක සහ කාර්මික ශිල්පිනියක ලෙස හමුදා සේවයට එක්වූ අතර ක්‍රියාකාරී සාමාජිකාවක ලෙස හමුදා සේවයට බැඳුණු  බ්‍රිතාන්‍ය රජ පවුලේ පළමු සාමාජිකාව වූයේ ද ඇයයි.

1947 පිලිප් කුමරු සමග විවාහ වූ දෙවන එළිසබෙත් රැජිණ 1952 වසරේ දී  සිය පියාණන් වූ හයවන ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසුව කිරුළු පැළඳුවා ය.

ඒ අනුව ඇය එක්සත් රාජධානීයේ මෙන්ම කැනඩාව , ඔස්ට්‍රේලියාව ඇතුළු තවත් රටවල් 14 රාජ්‍ය නායිකාව බවට පත්වූවා ය.

එසේම පොදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාව ද වූ දෙවැනි එළිසෙබත් රැජිණ එක්සත් රාජධානියේ රාජකීයන් අතරින් වැඩිම විදෙස් සංචාරයෙ යෙදුණු රාජකීයායි.

දශක ගණානවක  විචිත්‍රවත්ව හැඳපැළඳි ඇය, දීප්තිමත් තනි වර්ණයෙන්  සැරසීම සම්බන්ධයෙන් ලෝක ප්‍රකටයි.

දරුවන් සිව්දෙනෙකුගේ මවක් වූ ඇය  මුණුබුරු මිණිබිරියන් 08 දෙනෙකුගේ සහ මී මුණුබුරු මිනිබිරියන් 12 දෙනෙකුගේ මිත්තණියකි.

මේ අතර 1952 පෙබරවාරි 6 දින සිට 1972 මැයි 22 දක්වා නිදහස් ලංකාවේ රාජ්‍ය නායකත්වය දැරුවේ ද ඇයයි.

දෙවැනි එළිසෙබත් රැජිණ සහ එඩින්බරෝ අධිපාදවරයා 1954 වසරේ අප්‍රේල් 10 වනදා ශ්‍රී ලංකාවට පැමිණියේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සංචාරයේ එක් කේන්ද්‍රස්ථානයක් ලෙසයි.

එහිද ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව සැසිවාරයක් විවෘත  කිරීම සඳහා ද පෙනී සිටි අතර මහනුවර, පොළොන්නරුව වැනි ඵෙතිහාසික ස්ථානයන්හි ද  සංචාරය කර තිබේ.

1981 වසරේදී ද දෙවැනි එළිසබෙත් රැජිණ ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබේ.

දෙවැනි එළිසබෙත් රැජණගේ අභාවයත් සමග  73 හැවිරිදි  චාල්ස් කුමරු, රජු බවට පත්වීමට නියමිතයි.

ඒ අනුව ඔහු බ්‍රිතාන්‍ය ඉතිහාසයේ රජු බවට පත් වන වයස්ගතම පුද්ගලයා වනු ඇති.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *