2022 අතුරු අයවැය ඡන්දය සිදුවූ හැටි

2022 අතුරු අයවැය ඡන්දය සිදුවූ හැටි

  • September 2, 2022
  • No Comment
  • 26

මේ වසරේ ඉදිරි මාස හතර සඳහා රජයේ වියදම් ඉහළ නැංවීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අතුරු අයවැය අද (02) සංශෝධන සහිතව සම්මත විය.

එහි දෙවනවර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 115 කින් සම්මත වු අතර ඊට පක්ෂව ඡන්ද 120 ක් හා විපක්ෂව ඡන්ද 5ක් ලැබී තිබුණි.

අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශය කළේ ජාතික ජන බලවේගය සහ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය පමණි.

කෙසේවෙතත් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්, විපක්ෂය නියෝජනය කරන ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායම, විමල් වීරවංශ ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායම හා දෙමළ ජාතික සන්ධානය ඡන්දය දීමෙන් වැළකී තිබුණි.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, ශාන් විජයලාල් ද සිල්වා සහ දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන් ඡන්දය දීමට පාර්ලිමේන්තුවට නොපැමිණි නමුත් එම පක්ෂයේ අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

එසේම විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් වන අනුර ප්‍රියදර්ශන,චන්දිම වීරක්කොඩි හැර එම කණ්ඩායමේ සෙසු සියලු මන්ත්‍රීවරුන් ද අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *