2022 අතුරු අයවැය අද (30) පාර්ලිමේන්තුවට..!

2022 අතුරු අයවැය අද (30) පාර්ලිමේන්තුවට..!

  • August 30, 2022
  • No Comment
  • 40

2022 වසර සඳහා වන සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත අද(30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.

මෙවර රුපියල් බිලියන 4672ක් වෙන් කළ මෙම අතුරු අයවැය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අද පස්වරු 1ටය.

මෙම අයවැය කතාව පස්වරු 2 දක්වා පැවැත්වෙන අතර අනතුරුව සභාව හෙට(31) දක්වා කල්තැබෙන අතර ලබන මස 2දා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙනවා.

එළඹෙන 2වැනි දා පස්වරුවේ ඊට අදාල ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතයි.

පෙරවරු 9යි 30 සිට පස්වරු 5යි 30 දක්වා දිවා විවේකයකින් තොරව මෙම විවාදය පැවැත්වීමටයි පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරනු ලැබුවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස අද ඉදිරිපත් කරන අතුරු අයවැය ඉදිරි මාස 04 සඳහා බලපැවැත්වෙන ලෙසයි ඉදිරිපත් කරයි.

සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත මගින් වැඩිම මුදලක් වන රුපියල් බිලියන 735ක් වෙන්කර ඇත්තේ රාජ්‍ය පරිපාලන හා පලාත් පාලන අමාත්‍යංශයටය.

මුදල් හා ආර්ථීක ස්ථායිතා අමාත්‍යංශයට රුපියල් බිලියන 467ක් ද, ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 376ක් ද වෙන්කර තිබේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *