හිටපු ජනාධිපතිට කොළඹ හතෙන් ගෙයක්.!

හිටපු ජනාධිපතිට කොළඹ හතෙන් ගෙයක්.!

  • September 10, 2022
  • No Comment
  • 33

අල්ලපු වැටේ පදිංචිය සිටින්නේ නාමල් රාජපක්ෂ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි ලංකාවට පැමිණියේ ගිය සති අන්තයේය.

සෙනසුරාදා මැදියම් රැයේ ලංකාවට ආ ඔහු පිළිගැනීමට මන්ත්‍රීවරු පනහක් පමණ ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.

ඔවුන් සමග සුහදව කතාබහ කළ හිටපු ජනාධිපතිවරයා කොළඹ බලා පැමිණියේ ප්‍රසන්න රණතුංග හා ටිරාන් අලස් යන ඇමැතිවරු හා මන්ත්‍රීවරු කිහිප දෙනකු සමගිනි.

මිරිහානේ සිය පෞද්ගලික නිවසට ඔහු යෑමට ආරක්ෂක අංශවල කැමැත්තක් නොවීය.

ඒ ආරක්ෂක හේතු මතය. රජයෙන් ඔහුට කොළඹ හත බෞද්ධාලෝක මාවතේ රූපවාහිනි සංස්ථාව ඉදිරිපිට මළලසේකර මාවතෙන් නිල නිවසක් හිමි විය.

එසේ බලන විට විශ්‍රාමික ජනපතිවරයකු වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන හා චන්ද්‍රිකා බණ්ඩාරනායකද හිටපු ජනපති බිරිය හේමා ප්‍රේමදාසත් දැන් සිටින්නේ කොළඹ හතේ ය.

මෙම නිවසේ මීට පෙර විමල් වීරවංශ හා එස්. බී. දිසානායක යන ඇමැතිවරු පදිංචිව සිටියහ.

හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාරට එම නිවසේ යතුර පවා සොයා ගැනීමට සිදු වූයේ එස්.බී. දිසානායක ඇමැතිවරයාද සොයා ගනිමිනි.

මේ නිවසට අල්ලපු වැටේ දැනට පදිංචිව සිටින්නේ නාමල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා.

නිවස අලුත්වැඩියා කළේ යුද හමුදා සාමාජිකයන්ය. හිටපු ජනාධිපතිවරයා මෙම නිවසට පැමිණෙන විට පිළිගත්තේ ආරක්ෂක ලේකම්වරයා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා, ත්‍රිවිධ හමුදාපතිවරුද ඒ අතර වූහ. ඔවුන් සියලු දෙනාම පැමිණ සිටියේ පවුලේ සාමාජිකයන් සමගය. හිටපු ජනාධිපතිවරයා නව නිවසට පැමිණියේද ඔවුන් සමගය. ‘‘ජනාධිපතිතුමා එලවන්න අරගලකාරයෝ එනකොට මේ අය කොහේ හිටියද දන්නේ නැහැ.’’ නිවසේ සිටි මැති ඇමැතිවරු කතාබහ කළහ..!

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *