
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට…
- September 3, 2022
- No Comment
- 61
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයේ සිට ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණියේ ය.
කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකරු පැවසුවේ , සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ රාත්‍රී 11.30ට පමණ හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණි බවය.
ඒ අතර, හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය පහසුකම් සලසන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පසුගිය දිනක පවසා තිබුණා