සිරිධම්ම හිමිව බලන්න සහෝදරයාට අවසර දී නැහැ

සිරිධම්ම හිමිව බලන්න සහෝදරයාට අවසර දී නැහැ

  • October 26, 2022
  • No Comment
  • 31

ගල්වැව සිරිධම්ම හිමියන් හට ඩෙංගු වෛරසය වැළදී රෝහල් ගත කර ඇති අතර ඒ හිමියන්ගේ සහෝදරයා වන සිරි සුමේධ හිමියන් තම සහෝදරයාව බැලීමට රෝහලට ගිය අවස්ථාවේ එම ස්ථානයේ රැදී සිටි සිරිධම්ම හිමියන්ව බැලීමට පොලිස් නිලධාරීන් අවසර ලබා නොදුන් බව සුමේධ හිමියන් තම ෆේස්බුස් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත.

ඔක්තෝබර් 25 වන දින සිරිධම්ම හිමියන්ව ජාතික රෝහලට ඇතුලත් කර තිබුණේ ඩෙංගු වෛරසය වැළදී, කිසිදු ඹෟෂධයක් ලබා නොදී, දවස් 5කට ආසන්න කාලයක් ත්‍රස්ත විමර්ශණ ප්‍රධාන කාර්යාලයේ ඒ හිමියන්ව රඳවා තබා ගැනීමෙන් පසුවය. ඒ හිමියන්ව ජාතික රෝහලේ 49 වැනි වාට්ටුවට ඇතුළත් කර තිබුණි.

සිරිධම්ම හිමියන් අසනීප තත්වයෙන් පසුවන බවද දැන ගැනීමට ලැබී තිබුණේ සිරිධම්ම හිමියන්ගේ සහෝදරිය පසුගිය සෙනසුරාදා ඒ හිමියන්ව දැක ගැනීමට කොළඹ ත්‍රස්ත්‍ර විමර්ශණ ඒකකයට ගිය අවස්ථාවේදීය.

දහවල් 11 ට පමණ ඇය තම සහෝදරයාව බැලීමට ගිය බවත්, වෙනදා මෙන් නොව පැයක් පමණ සිරිධම්ම හිමියන්ව බැලීමට රැදී සිටිමට සිදු වු බවත්, ඇය එම ස්ථානයට යෑමට පෙර හිමියන්ව පුටුවක් මත වාඩි කර පොලිස් නිලධාරීන් 5ක් පමණ මේසය අසළ සිටි බවත් ඇය පැවසීය.

‘වෙනදාට මම ගියාට පස්සේ තමයි, පොඩි හාමුදුරුවන්ව ගේන්නේ. නමුත් මේ සැරේ හාමුදුරුවන් මම ඇතුළට යන්න කලින් ගෙන්වලා, පුටුවක වාඩි කරලා තිබ්බා. හාමුදුරුවෝ මාස්ක් එකක් දාලා තිබ්බේ. මුහුණ බැලුවාම මට තේරුණා පොඩි හාමුදුරුවෝ බය වෙලා ඉන්නේ කියලා. මම ඇහුවා ඇයි කියලා. ඒ වෙලාවේ තමයි කිව්වේ උණ කියලා. බෙහෙත් බිව්වාද කියලා ඇහුවාම, නැහැ කිව්වා.’

සිරිධම්ම හිමියන්ගේ සහෝදරයා වන සිරි සුමේධ හිමියන් තම සහෝදරයාව බැලීමට තමන්ට අවසර නොදුන් බව ඔක්තෝබර් 25 වන දින තම ෆේස්බුක් පිටුවේ සදහන් කර තිබුණේ මෙසේය.

‘අද(25)දැන් ටික වෙලාවකට ඉස්සෙල්ලා සිරිධම්ම හිමි බලන්න මම කොළඹ ජාතික රෝහලට ගියා. TID සහ පොලීසිය එතෙන්ට දාලා ඉන්නෙ. ලගට කාටවත් බලන්න යන්න දෙන්න එපා කියල තියෙන්නෙ කියල එතන හිටපු නිලධාරීන් අපට කීව. ඒත් මම මල්ලි නිසා මට යන්න ඕන කියල දිගටම ඉල්ලුව. සිරිදම්ම හිමිට උන ටිකක් වැඩි වෙලා තියෙන්නෙ. ඩෙංගු positive ද කියලා බලන්න චෙක් කරන ගමන් තියෙන්නෙ.බ්ලඩ් රිපෝට් ඇවිත් නෑ තාම.කෑම බීම ටිකක් අපි දුන්නා.නමුත් කන්න අමාරු බව තමයි කීවෙ.

හාමුදුරුවෝ මීට් කලින් තමයි හොස්පිටල් ඇඩ්මිට් කරන්න තිබුනෙ අමාරු වෙන්න කලින්.ලෙඩ වෙලා කියල දැනගත්තෙත් අක්ක බලන්න ගියපු නිසා.නැත්නම් TID එකෙන් හරි පොලිසියෙන් හරි කිසිම දැනුවත් කිරීමක් අපේ පවුලට හරි කැම්පස් එකටහරි කරල නෑ.

අද හොස්පිටල් එකට අරන් ඇවිල්ල තිබුනෙ මූණ වහල දරුණු අපරාධකරුවෙක් ගේනව වගේ.අසනීප තත්වය ගැන කිසිම තැකීමක් කරල නෑ. මූලික මානව හිමිකම් වත් නොසලකා තමයි මෙහෙම අමානුෂික විදියට හාමුදුරුවන්ට වද දෙන්නෙ.අසනීපයක් උනාම සතෙක්ටවත් මෙහෙම කරනවද?.මම අහන්නෙ ඒකයි.මේක ලොකු ගැටළුවක්.අපි ඇයි තවත් මේව බලන් ඉන්නෙ කියල හිතෙනව.සිරිදම්ම හාමුදුරුවෝ කතා කලේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න.ඉතින් රටේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්නෙ මේ ගැන ඔබේ හඬ අවධි කරන්න කියල.

-සිරි සුමේධ හිමි(සිරිදම්ම හිමිගෙ මල්ලි)-‘

 

 

(ස්තුතිය – සටහන්)

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *