සෑම ප්‍රදේශයකම දරුවන් ජාති ආගම් බේදයකින් තොරව කටයුතු කරනවා

සෑම ප්‍රදේශයකම දරුවන් ජාති ආගම් බේදයකින් තොරව කටයුතු කරනවා

  • October 27, 2022
  • No Comment
  • 29

විවිධ ජාතීන් එකට ජිවත් වන අප රටේ ජාතීන් අතර සාමකාමීව, සහජීවනයෙන්, එකමුතුකමින් ජීවත්විය හැකි ක්‍රියාදාමයක අවශ්‍යතාව ඉතිහාසයේ කිසිම කාලයකටත් වඩා වර්තමානය දැඩිවම දැනෙන යුගයක් වන අතර, දිවයිනේ සෑම ප්‍රදේශයකම දරුවන් ජාති ආගම් බේදයකින් තොරව එක්ව කටයුතු කරනු ලබන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පැවසීය.

ඊයේ (26)දින රන්ටැඹේ ජාතික ශිෂ්‍යභට බලකා පුහුණු මධ්‍යස්ථානයේදී පැවති ජාතික ශිෂ්‍යභට බලකායේ හර්මන්ලෝස්, ද සොයිසා අභියෝගතා කුසලාන 105 වන කඳවුර – 2022 හි විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ආරක්‍ෂක ලේකම්වරයා මෙම අදහස් පලකළේය.

ජාතීන් අතර සහජීවනය ගොඩ නැගීම සඳහා රටේ ස්ථිර සාමය උදා වීමෙන් පසුව රජය ගෙනයන වැඩපිළිවෙලට සහායක් වෙමින් උතුරු නැගෙනහිර පළාත් ද, ඇතුළත්ව ජාතික ශිෂ්‍යභට බලකාය නිහඬ සේවයක් කරනු ලබයි.

පාසල් අවධියේදී ශිෂ්‍යභට ක්‍රියාකාරකම් සඳහා යොමු වු දුවාදරුවන් වැඩිහිටියන් ලෙස සමාජගතවීමේදී ඔවුන් තුළ නායකත්ව ගුණාංග, විනයගරුක බව, තම රාජකාරීන් නොපසුබටව ඉටුකිරීම, අභියෝගවලට මුහුණ දීමට ඇති හැකියාව සහ ආත්ම විශ්වාසය සහිතව ජිවත්වීමේ හැකියාවක් අත්පත් කරගන්නා බවට සමාජයේ විශාල මතයක් පවතින අතර, මෙම ශිෂ්‍යභට බලකා දුවා දරුවන් තුළින් එය සත්‍යක්ම බව මනාවට පිළිඹිබු වන බව ද මෙම උත්සවයේදී ආරක්‍ෂක ලේකම්රයා පැවසීය.

“ඩිජිටල් සාක්‍ෂරතාවය, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය සහ අනාගතයේදී බිහිවන ඕනෑම පරිසරයකට අනුවර්ථනය වීම සඳහා ඔබගේ දෘඩ මෙන්ම මෘදු කුසලතා ද වර්ධනය කරගත යුතුයි. ඔබගේ ශිෂ්‍යභට පුහුණුව දෙස විමර්ශනාත්මකව බැලීමේදී එම කුසලතා අතර සාර්ථක ජීවිතයක් ගතකිරීම සඳහා වර්ධනය කරගත යුතු මෘදු කුසලතා ප්‍රායෝගිකවම ශිෂ්‍යභටයන් තුළ සංවර්ධනය වන බව පැහැදිළි වෙනවා. පුහුණුව තුළින් ලබන පන්නරය හා ශික්‍ෂණය භාවිතා කර අවශ්‍ය අනෙකුත් කුසලතා ද වර්ධනය කරගන්නා මෙන් මා මේ අවස්ථාවේදී ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.”යැයි ඔහු එහිදී පැවසීය.

මෙම උත්සවයට පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ, මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයසුන්දර විසින් පිළිගන්නා ලද අතර, ඔහු වෙත වර්ණවත් සහ අභිමානවත් කඳවුරු මුරයක් සහ සම්මාන පෙළපාලියක් ද පිරිනමන ලදි.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් හර්මන්ලෝස් සහ ද සොයිසා ඛණ්ඩවල ජයග්‍රාහකයන්ට පදක්කම් ප්‍රදානය කළ අතර,අනතුරුව ශූරතාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීම ද සිදුකෙරිණි.

තූර්ය වාදක සංදර්ශනය සහ සරඹ සංදර්ශනය ශිෂ්‍යභටයින්ගේ වර්ණවත් සහ අභිමානවත් විසිර යාමේ පෙළපාලිය වර්ණවත් කළේය

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *