
සාරිය මාරු කළ ගුරුවරියන් ගැන වාර්තාවක් කැඳවයි
- November 23, 2022
- No Comment
- 83
පාසල් ගුරුවරියන් කිහිපදෙනෙකු සාරිය හා ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසි පාසල්වලට පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ගුරු වෘත්තියේ ගෞරවය ආරක්ෂා වන අන්දමින් සම්ප්‍රදායිකව ගුරුවරියන් හා ගුරුවරුන් පාසල් පැමිණීමේදී අඳින ලද පිළිවෙළ මෙම ගුරුවරියන් විසින් මග හැරියේ ඇයි ද යන්න මෙහිදීසොයා බලන බවය.
ඒ සම්බන්ධයෙන් වාහාම වාර්තාවක් ලබා දෙන ලෙස අදාල පාසල්වල විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබාදුන් බව ද අමාත්‍යාංශ නිලධාරියා ප්‍රකාශ කළේ ය.
ඔහු පැවසුවේ, සිසුන් ඉදිරියේ ගුරු භූමිකාවේ ගෞරවය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීමට සෑම ගුරුවරයෙකුට වගකීමක් පවතින බවයි.
එසේ තිබියදී තමන්ට රිසි ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට හැකියාවක් නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.