සාකච්ඡා සාර්ථක වුණොත් දේශීය යන්ත්‍රණයකින් ප්‍රශ්න විසඳිය හැකියි

සාකච්ඡා සාර්ථක වුණොත් දේශීය යන්ත්‍රණයකින් ප්‍රශ්න විසඳිය හැකියි

  • October 14, 2022
  • No Comment
  • 34

ඩයස්පෝරාව සමඟ සාකච්ඡා ලබන මාසයේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තමා දෙමළ ඩයස්පෝරාව සමඟ ලබන මාසයේදී සාකච්ඡා ආරම්භ කරන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (13) එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. එහිදී දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම ගැන දේශීය යන්ත්‍රණයක් පිළිබඳ සාකච්ඡා කරනවා. එම සාකච්ඡා සාර්ථක වුණොත් අපිට දෙමළ ජනතාවගේ ප්‍රශ්න දේශීය යන්ත්‍රණයක් යටතේ විසඳා ගත හැකියි. ඒ අනුව මේ සඳහා තිබෙන රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට විදේශ අත පෙවීම් සිදුවීම නතර වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තුවත් එය වේ. දෙමළ ජාතීන්ගේ ප්‍රශ්න ජාත්‍යන්තර සංවිධාන සුපරීක්ෂණය යටතේ විසඳීමට ලැබුණොත් ජාත්‍යන්තර සහයෝගය ගැනීමටත් හැකිවේ. මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්නයක් නඟමින් අසා සිටියේ දෙමළ සිරකරුවන් නිදහස් කරනවාද යන්නය. ඊට පිළිතුරු දුන් ඇමැතිවරයා කියා සිටියේ ආණ්ඩුව ඒ සම්බන්ධව කටයුතු කරමින් සිටින අතර, ඒ සඳහා විශේෂ කමිටුවක් පත් කර තිබෙන බවයි. එහි නිර්දේශ ගෙන දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට බලාපොරොත්තු වෙනවා.

රෝෂන් තුෂාර

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *