“සයිකල් සිකුරාදා – පා පැදියෙන් වැඩට එමු”

“සයිකල් සිකුරාදා – පා පැදියෙන් වැඩට එමු”

  • October 27, 2022
  • No Comment
  • 30

සතියට එක් දිනක් පාපැදියෙන් සේවයට

ලෝක නගර දිනය නිමිත්තෙන් ඔක්තෝම්බර් 31 වැනි සඳුදා සිට නාගරික සංවර්ධන අධිකාරිය සතියේ එක් දිනක් පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහනක් සංවිධානය කරයි.

එහි සමාරම්භක උත්සවය ලෝක නගර දිනය යෙදෙන ඔක්තෝම්බර් 31 වැනිදා ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර පවසයි.

අනතුරුව සතියේ සෑම සිකුරාදාවකම “සයිකල් සිකුරාදා – පා පැදියෙන් වැඩට එමු” වැඩසටහන ක්‍රියාත්මක කර සේවකයන්ට පාපැදියෙන් සේවයට වාර්තා කිරීමට පහසුකම් සළසන බවද නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

මෙහි සමාරම්භක උත්සවය අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් 31 වැනිදා පෙරවරු 8.15ට බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වේ.

නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර පවසන්නේ පරිසර හිතකාමී නගරයක් සහ සෞඛ්‍ය සම්පන්න නගරවැසියන් බිහිකිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම මෙන්ම මාර්ග තදබදය අවම කිරීම, ප්‍රධාන මාර්ගයට අමතරව නගරයේ ඇති අතුරු මාර්ග ජනතාව අතර ප්‍රචලිත කිරීම ද මෙහි මූලික අරමුණු අතර වන බවයි.

එමෙන්ම පාපැදියෙන් සේවයට වාර්තා කරන සේවක සේවිකාවන් දිරිමත් කිරීම සඳහා පාපැදි මිලදී ගැනීමට මූල්‍යාධාර ලබාදීම, නාගරික සංවර්ධන අධිකාරියේ පාපැදි සංසදයේ සාමාජිකත්වය ලැබීම ඇතුළු තවත් වරප්‍රසාද රාශියක් හිමිවන බවද ඔහු සඳහන් කරයි.

පාපැදියෙන් සේවයට වාර්තාකරනු ලබන සේවකයන්ගේ පාපැදි නතර කිරීමට අමාත්‍යංශ පරිශ්‍රයේ ආවරණ සහිතව වෙනමම ස්ථානයක් ස්ථාපිත කර තිබේ. එමෙන්ම එම සේවක සේවිකාවන්ට සනීපාරක්ෂක පහසුකම්ද සළසා තිබේ.

එමෙන්ම පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේදී එම සේවක සේවිකාවන්ට සැහැල්ලු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට ද අවසරය හිමිවේ.

පාපැදි කරුවන් සඳහා වෙනමම මංතීරු සැකසීම, දුම්රිය ස්ථාන හා බස් නැවතුම්පළ ආසන්නයේ පාපැදිකරුවන් සඳහා පහසුකම් සැළසීම සම්බන්ධයෙන් ඉදිරියේ දී අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පවසයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *