සනීපාරක්ෂක තුවා මිල පහළට

සනීපාරක්ෂක තුවා මිල පහළට

  • October 2, 2022
  • No Comment
  • 29

සනීපාරක්ෂක තුවා ගැන රජයෙන් අලුත්ම තීරණයක්

දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනය කරන ප්‍රධාන අමුද්‍රව්‍ය 5ක් මත පැනවූ බදු සියල්ල ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව ආනයනික නිමි සනීපාරක්ෂක තුවා සඳහා බදු සහන සැලසීමට ද රජය තීරණය කර ඇත.

මෙම බදු සහනය සමග දේශීයව නිෂ්පාදිත සනීපාරක්ෂක තුවා 10ක් සහිත පැකට්ටුවක මිල රුපියල් 50 – 60ක මිලකින් අඩුවීමට නියමිත අතර එහි උපරිම සිල්ලර මිල රුපියල් 260ක් – රුපියල් 270ක් වේ.

තවද ආනයනික නිමි නිෂ්පාදනවල පාරිභෝගික සිල්ලර මිල 18%කින් හෝ 19%කින් අඩුවීමට ද නියමිතය.

ජනාධිපතිවරයා විසින් අදාළ බදු සහනය ලබාදීම පිළිබඳ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති අතර, නිෂ්පාදකයින් එම අමුද්‍රව්‍ය ආනයනය කරන අවස්ථාවේ දී අදාළ බදු සහන ලබාගැනීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ගේ නිර්දේශ ලබාගත යුතු අතර, ඒ සඳහා වන වැඩපිළිවෙල ද මේ වනවිට සකස් කර ඇති බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

ඒ අනුව රේගු ආනයනය මත 15%ක රේගු ආනයනය බද්ද 10% – 15%ක් වූ සෙස් බද්ද සහ 10%ක් වූ වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද අමුද්‍රව්‍ය 5ක් ආනයනය කිරීමේ දී හා අතරමැදි භාණ්ඩ ආනයනය කිරීමේ දී ඉවත් කර ඇත.

දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා වැට් බද්ද ශූන්‍ය අනුපාතයක් ලබාදී තිබේ.

නිමි සනීපාරක්ෂක තුවා ආනයනය කරන්නන්ට ද ශූන්‍ය අනුපාත වැට් බද්දේ ප්‍රතිලාභය හිමිවේ.

එම සියලු ප්‍රතිලාභ අර්බුද කාලසීමාවට බලපැවැත්වෙන පරිදි ලබාදේ.

සනීපාරක්ෂක තුවා සඳහා වන අමුද්‍රව්‍ය ආනයනයට අය කරන බදු හේතුවෙන් සනීපාරක්ෂක තුවා මිල ඉහළ යෑම නිසා එම බදු අඩුකරන ලෙස දේශීය නිෂ්පාදකයින් පසුගිය දා රජයෙන් ඉල්ලීමක් කර තිබුණි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *