සනත් නිශාන්තට සිතාසි..

සනත් නිශාන්තට සිතාසි..

  • October 5, 2022
  • No Comment
  • 26

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ලබන 13 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා අභියාචනාධිකරණය අද (05) රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට සිතාසි නිකුත් කළේ ය.

ඒ , ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඔහුට සිතාසි නිකුත් කළේ ය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, ඉකුත් අගෝස්තු මස 23 වැනිදා වග උත්තරකාර නිශාන්ත මහතා කළ ප්‍රකාශයකින් මහේස්ත්‍රාත්වරුන්ගේ ඇප ලබාදීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කර ඇති බවයි.

ඇප ලබාදීමේ ක්‍රියාවලිය නිසා නීතියේ ආධිපත්‍ය බිඳ වැටෙන බවට ඔහු විසින් අවධාරණය කර ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මෙය අධිකරණයට සිදු කළ බරපතල අපහාසයක් බවත් අවධාරණය කළේ ය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සෑහීමකට පත්වූ විනිසුරු මඩුල්ල වගඋත්තරකාර සනත් නිශාන්ත මහතාට ඔක්තෝම්බර් මස 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස නියෝග කරනු ලැබුවේ ය.

එම චෝදනාව සම්බන්ධයෙන්ම තවත් නීතිඥවරු දෙදෙනෙකු විසින් ගොනු කළ පෙත්සම් දෙකක්ද ඔක්තෝබර් මස 13 වැනිදා කැඳවීමට නියමිත ය.

එම පෙත්සම්වලට අදාළව ද සනත් නිශාන්ත මහතාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් දැනටමත් සිතාසි නිකුත් කර තිබේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *