
සතොස නඩුව: මන්ත්‍රී ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට අධිචෝදනා..
- August 30, 2022
- No Comment
- 57
2012 වසරේ සතොස ආයතනයේ සේවකයන් දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම පවරා ඇති නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා පත්‍ර භාර දුන්නේ ය.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේ, විත්තිකරුවන් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂ කාජා මොහිදීන් මොහොමඩ් ශාකීර් යන විත්තිකරුවන්ට එසේ අධිචෝදනා පත්‍ර භාර දී තිබේ.
අධිකරණය නිකුත් කළ නොතිසි මත විත්තිකරුවෝ අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.
නඩුව ඔක්තෝම්බර් මස 21 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
News 1st