ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණයවීම ලෝකයෙන් තෙවන ස්ථානයට
- September 23, 2022
- No Comment
- 50
රුපියල 47.79%කින් අවප්‍රමාණය වෙලා
ඇමෙරිකානු ඩොලරය හමුවේ දේශිය මුදල් ඒකක අවප්‍රමාණය වීම අතින් ශ්‍රී ලංකා රුපියල ලොව තෙවන ස්ථානයට පත්ව තිබේ.
අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටීව් හැන්කේ විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව සඳහන් වෙයි.
එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා රුපියල 47.79%කින් අවප්‍රමාණය වී ඇත.
2022 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට සැප්තැම්බර් 16 දක්වා යන කාලය තුළදී එක්සත් ජනපද ඩොලරය හමුවේ දේශිය මුදල් ඒකක අවප්‍රමාණය වීම අතින් ලොව පළමු තැනට පත්ව ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍යයයි.