ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අත්අඩංගුවට..!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අත්අඩංගුවට..!

  • November 6, 2022
  • No Comment
  • 36

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 

ඒ, තමන්ට ලිංගික අතවර කළ බවට කාන්තාවක් ඔහුට එරෙහිව ගොනුකළ පැමිණිල්ලකට අදාලවයි.

2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක් වූ ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කළ ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණේ ඊයේ(05) දිනයේදී ඔස්ට්‍රේලියාවේ සසෙක්ස් වීදියේ හෝටලයක රැඳී සිටියදීය.

ඒ, සිඩ්නිහි නැගෙනහිර ප්‍රදේශයේදී ධනුෂ්ක ගුණතිලක තමන්ව ලිංගික අතවරයකට ලක්කළ බවට 29 හැවිරිදි කාන්තාවක් කළ පැමිණිල්ලකට අනුවයි.

ඒ, තරුණ තරුණියන් ආදරය හා කැමැත්ත හුවමාරු කරගන්නා ‘ඩේටින්’ ඇප් එකක් හරහා ඇති වූ සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙසය.

ඒ හරහා අදාල තරුණිය ධනුෂ්ක ගුණතිලක සමග පළමුව සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ ය.

මේ ඇප් එක හරහා අහඹු ලෙස මිස විශේෂිත පුද්ගලයෙකු නම්කර සෙවිය නොහැකි අතර අහඹු ලෙස තමන් කැමති කාන්තාවක හෝ පිරිමියෙකු  සොයා යන අයෙකුට තවත් එවැනි කෙනෙකු තමන් අවට ප්‍රදේශයෙන් මුණ ගැස්වීම මෙම ඇප් එක මගින් සිදු කෙරේ.

මෙලෙස හඳුනා ගැනීමෙන් පසුව අවස්ථා කිහිපයකදී මෙම කාන්තාව හා ධනුෂ්ක ගුණතිලක අතර ඇමතුම් හුවමාරු වී ඇති බවත් ඒ අතර වීඩියෝ ඇමතුම් ද වන බවත්, ඒ අනුව ඇතිවුණු සබඳතාව මත පසුව ඔහු ඉකුත් නොවැම්බර් 02 වැනිදා, සිඩ්නි නුවර රෝස් බේහි පිහිටි අදාළ කාන්තාවගේ නිවසට ගොස් ඇති බවත් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම තරුණිය විසින් ඔස්ට්‍රේලියානු පොලීසියට පැමිණිලි කර තිබුණේ තම නිවස තුළදී සිය කැමැත්තෙන් තොරව සිව්වරක් ධනිෂ්ක ගුණතිලක විසින් තමන්ව දූෂණයට ලක් කළ බවය.

පසුව කැමැත්තෙන් තොරව ලිංගික සංසර්ගය ඇතුළු චෝදනා 04 කට ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ සිඩ්නි නුවර ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටි හෝටලයේදීය.

අද ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ සිඩ්නි සිටි පොලීසිය විසින් පැරමැට්ටා පොලිස් උසාවියට ඉදිරිපත් කර ඇති අතර අදාල චෝදනා සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු නීති ප්‍රධානී, නීතිවේදී ආචාර්ය චානක සේනානායක මහතා සඳහන් කළේ, ප්‍රවීණ නීතිවේදියෙක් වන ආනන්ද අමරනාත් මහත්මයා අද උදේ සිඩ්නි නුවර මහසේත්‍රාත් අධිකරණයේදී, ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටි බවත් මෙහිදී බේල් ඇප්ලිකේෂන් එකක් ඉදිරිපත් කළ නමුත් මහේස්ත්‍රාත්වරයා විසින් බේල් ඇප්ලිකේෂන් එක නිෂ්ප්‍රභා කළ බවය.

නැවතත් ධනුෂ්ක ගුණතිලකව සිඩ්නි නුවර මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට සූදානම් අතර එහිදි අනිවාර්යෙන් ඔහුට ඇප ලැබේවි යැයි බලාපොරොත්තු වන බව නීතිවේදී ආචාර්ය චානක සේනානායක මහතා පවසයි.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අත්ඩංගුවට ගෙන තිබෙන අතර ඔහුට රටින් පිටවීම තහනම් බවත්, ඇප ලැබුණ ද  අදාල නඩුව අවසන් වනතුරු ඔහුට රටෙන් පිටවිය නොහැකි බව නීතිවේදී ආචාර්ය චානක සේනානායක මහතා සඳහන් කළේය.

ධනුෂ්ක පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් නීතිවේදී ආචාර්ය චානක සේනානායක මහතා කියා සිටියේ,
තවමත් ඔහු සැකකරුවෙකු පමණක් වන බවත් නඩු තීන්දුව අනුව ඔහුගේ ක්‍රිකට් අනාගතය තීරණය වන බවය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන්  ඔස්ට්‍රේලියානු රාජ්‍ය අපරාධ විධානයේ ලිංගික අපරාධ අංශය සහ ඔස්ට්‍රේලියානු නැගෙනහිර පොලිස් ප්‍රදේශ විධානයේ රහස් පරීක්ෂකයින් විසින් ඒකාබද්ධ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට පත්වූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් දැනුම් දී තිබෙන අතර ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ අදාළ සිදුවීම පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් කර ධනුෂ්ක වරදකරු වුවහොත් ඔහුට විරුද්ධව දැඩි පියවර ගන්නා බවය.

එමෙන්ම ඔහු අදාළ චෝදනාවට වරදකරු වුවහොත් ඔස්ට්‍රේලියානු නීතිය අනුව ද සිරදඬුවමකට  යටත් වෙනු ඇති.

2022 පන්දුවාර 20 යි 20 ලෝක කුසලානය සඳහා ඔස්ටේලියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ධනුෂ්ක ගුණතිලක ඇතුළත් වුවත් ඔහු ක්‍රීඩා කළේ පළමු තරගය සඳහා පමණි.

තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට ඉතිරි තරග අහිමි විය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *