ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්, එරට වැඩබලන මහ බැංකු අධිපති සමග ජාතික ජන බලවේගයේ නායකයින් හමුවෙන්න ජවිපෙ මුලස්ථානයට යයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස්, එරට වැඩබලන මහ බැංකු අධිපති සමග ජාතික ජන බලවේගයේ නායකයින් හමුවෙන්න ජවිපෙ මුලස්ථානයට යයි

  • November 1, 2022
  • No Comment
  • 26

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් (Michael Appleton)   සහ නවසීලන්තයේ හිටපු වැඩ බලන මහ බැංකු අධිපති ග්‍රාන්ට් ස්පෙන්සර් (Grant Spencer)  සමග ජාතික ජන බලවේගයේ හමුවක් අද (31) පස්වරුවේ ජනතා විමුක්ති  පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී  පැවැත්විනි.

මෙම අවස්ථාවට ජාතික විධායක සභිකයින් වන පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති සහභාගි වූහ.

මෙහිදී පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ කටයුතු  සහ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් විය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය පිළිබඳවත් වංචා-දූෂණ සම්බන්ධයෙනුත් සාකච්ඡා වූ අතර ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ වංචා-දූෂණවලින් තොරවීම සහ බදු ප්‍රතිපත්තිය  සහ ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබෙන ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන්  දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *