
විපතටපත් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින් පිරිසක් බේරා ගැනේ
- November 8, 2022
- No Comment
- 54
නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේ අනතුරට පත් වූ බවට සැකකෙරෙන කියන ශ්‍රී ලාංකිකයන් 303 දෙනෙකු වියට්නාම මුහුදේ දී බේරාගෙන තිබෙනවා.
වියට්නාම සමුද්‍රීය සෙවුම් සහ මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සහ තවත් විදේශීය හමුදා කිහිපයක් එක්වයි මොවුන් බේරාගෙන තිබෙන්නේ. වියට්නාම ධජය සහිත ලේඩි ආර්.3 නැමැති ධීවර යාත්‍රාවේ සිටියදී මොවුන් අනතුරට මුහුණ පා තිබෙනවා. ඒ බව සැලවීමත් සමගයි මෙම පිරිස බේරාගැනීමට හැකි වී ඇත්තේ. කාන්තාවන් 19 දෙනෙකු, පිරිමි පුද්ගලයන් 264 කු සහ ළමයින් 20 දෙනෙකු මෙලෙස බේරාගෙන තිබෙනවා.