විදේශිකයෙකු සමග විවාහ වීමේදි නව නීති

විදේශිකයෙකු සමග විවාහ වීමේදි නව නීති

  • December 26, 2021
  • No Comment
  • 52

මෙරට පුද්ගලයෙකු විදේශිකයෙකු සමග විවාහ වීමේදී ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ ආරක්ෂක නිෂ්කාශන වාර්තාවක් ලබා ගත යුතු බව රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

නව චක්‍රලේඛයක් නිකුක් කරමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසන්නේ මෙරට පුද්ගලයෙකු විදේශිකයෙකු සමග විවාහ වීමේදී පළමුව විදේශීය පාර්ශ්වය තම රටේ ආරක්ෂක අංශවලින් සහතිකයක් ලබා ගත යුතු බවයි.

එම සහතිකයේ, මෙරට පුද්ගලයා විවාහ වන විදේශීය පාර්ශ්වය ආසන්න මාස 06 ක් තුළ කිසිදු අපරාධමය චෝදනාවක් ලබා නොතිබිය යුතු බවට සඳහන් විය යුතු ය.

අනතුරුව මෙරට පාර්ශ්වය හෝ මෙරට පාර්ශ්වයේ නියෝජිතයෙකු පමණක් එම සහතිකය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සිවිල් ලියාපදිංචි කිරීමේ ඒකකය වෙත භාර දිය යුතු ය.

පසුව එම සහතිකය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්වේ සිවිල් ලියාපදිංචි කිරීමේ ඒකකය මෙරට ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කෙරෙනු ඇති.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබා දෙන නිෂ්කාශන වාර්තාවට අනුව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් විවාහ වීමට බලපත්‍රයක් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා වෙත යොමු කෙරේ.

අනතුරුව විවාහය ලියාපදිංචි කිරීමට අවසර ලැබෙන අතර මෙම නීතියට අනුව අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත පහත සඳහන් ලියකියවිලි භාර දිය යුතුයි.

01 . වලංගු විදේශ ගමන් බලපත්‍රයක් , එහි පිටපතක් සහ වලංගු වීසා පතක්

02. විදේශීය පාර්ශ්වයේ සිවිල් තත්ත්වය තහවුරු කෙරෙන එරට සහතිකයක්.

03. රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරන ලද බලපත්‍රය

04. විදේශිකයා විසින් සැකසූ තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක්.

05. උප්පැන්න සහතිකය සහ එහි පිටපතක්

රෙජිස්ට්‍රාර් ජෙනරාල් ඩබ්.එම්.එම්.බී වීරසේකර මහතා පවසන්නේ , ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාළව ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම නව රෙගුලාසි ඉදිරිපත් කර ඇති බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් හා මුදල් විශූද්ධීකරණයට සම්බන්ධ විදේශිකයින් මෙරට පුද්ගලයින් සමග විවාහ වීම වැළැක්වීමට ද නව රෙගුලාසි දැමීමට හේතුවක් බව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා සඳහන් කළේ ය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *