විදේශගතවීමට ගිය රන්ජන් ගුවන්තොටුපළේ දී ආපසු හරවා යවයි..

විදේශගතවීමට ගිය රන්ජන් ගුවන්තොටුපළේ දී ආපසු හරවා යවයි..

  • October 28, 2022
  • No Comment
  • 34

විදේශගතවීමට ගිය රන්ජන් රාමනායක මහතා කටුනායක ගුවන්තොටුපළේ දී ආගමන විගමන නිලධාරීන් ඊයේ (27)  පස්වරුවේ ආපසු හරවා යවා තිබේ.

කටුනායක ගුවන්තොටුපළේ ආගමන විගමන ඒකකය සඳහන් කළේ, ඔහුට විදෙස් ගමන් තහනමක් තිබීම හේතුවෙන් එලෙස හරවා යැවූ බවයි.

මේ පිළිබඳව රන්ජන් රාමනායක මහතාගෙන් නිවුස් ෆස්ට් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ, පසුගිය කොරෝනා සමයේ සහල් බෙදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැනවූ නඩුවකට අදාළව තමන්ට විදෙස් ගමන් තහනමක් පනවා තිබූ  බවයි.

නඩුව මේ වන විට අවසන්ව ඇතත් පැන වූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබුණ ද ඒ පිළිබඳව අදාළ අංශ දැනුවත් කර නොමැති බව ද රන්ජන් රාමනායක මහතා සඳහන් කළේ ය.

අද(28) දිනයේ එම ගැටලුව නිරාකරණය කර ගැනීමට කටයුතු කරන බව රන්ජන් රාමනායක මහතා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, මෙරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සඳහා තමන් ඊයේ(27) විදෙස්ගත වීමට ගිය බවයි.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *