විදුලිබිල වැඩි ආගමික ස්ථානවලට පුනර්ජනනීය බලශක්තිය

විදුලිබිල වැඩි ආගමික ස්ථානවලට පුනර්ජනනීය බලශක්තිය

  • September 20, 2022
  • No Comment
  • 29

විදුලි බිල වැඩි ආගමික ස්ථාන පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේද අනුගමනය කළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. වැඩිවන විදුලිමිල කළමනාකරණය කර ගැනීම ද වැදගත් බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේ.

විදුලිබිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයකින් විරෝධය එල්ල වී තිබෙනවා. විහාරස්ථානවල විදුලිබිල අසීමිත ලෙස ඉහළ ගොස් ඇති බැවින් සහන ලබා දෙන ලෙසයි මහාසංඝරත්නය ඉල්ලා සිටින්නේ. ඒ වෙනුවෙන් ඊයේ දිනයේ මහජන පෙත්සමක්ද අත්සන් තැබුණා.  මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර  මහතා ප්‍රකාශ කළේ විශාල මාසික විදුලිබිලක් සහිත ආගමික ස්ථාන සූර්යපැනල සවිකර පුනර්ජනනීය බලශක්ති ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි. එමෙන්ම සූර්යපැනල මෙරටට ගෙනඒම සදහා ඉන්දියාව හා චීනයේ ණය ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සොයා බලන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *