වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ලට
- October 15, 2022
- No Comment
- 46
අද (15) පෙරවරු 6.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.
එම අගය මිලිමීටර් 174 කි.
කිරිඳිවැල ප්‍රදේශයෙන් මිලිමීටර් 153 ක් හා වරකාපොළ ප්‍රදේශයෙන් මිලිමීටර් 147 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ප්‍රීතිකා ජයකොඩි මහත්මිය සඳහන් කළා ය.