ලංකාවේ පළමු වඳුරු උණ රෝගියා හමුවේ

ලංකාවේ පළමු වඳුරු උණ රෝගියා හමුවේ

  • November 4, 2022
  • No Comment
  • 45

ශ්‍රී ලාංකික තරුණයා අැවිත් තියෙන්නේ ඩුබායි ඉඳලා

වඳුරු උණ හෙවත් (Monkey Fox) වැලඳුණු ශ්‍රී ලාංකිකයකු ඊයේ (03 වැනිදා) සොයාගත් බව බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණ ආයතනය පවසයි.

වඳුරු උණ වැලඳුණු ශ්‍රී ලාංකිකයකු මෙරටින් සොයා ගත් ප්‍රථම අවස්ථාවද මෙය වෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සායනයට පසුගිය දෙවන දින පැමිණි විසි හැවිරිදි තරුණයකුට වඳුරු උණ වැලඳී ඇති බව තහවුරු වී තිබේ. මෙම තරුණයා පසුගිය පළමුවැනිදා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇත. වසා ගැටිති විශාල වීම හා වෙහෙසකාරී බව ඇතුළු තවත් රෝග ලක්ෂණ හේතුවෙන් ඔහු මෙම සායනයට පැමිණ තිබේ.

ජාතික ලිංගාශ්‍රිත රෝග සායනයේ වෛද්‍යවරුන්ට ඇති වූ සැකයක් මත මෙම තරුණයා වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ වයිරස්වේදී අංශය වෙත යොමුකර තිබේ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරසවේදී අංශයේ විශේෂඥ වෛද්‍යවරුන් වන ජානකී අබේනායක සහ ජූඩ් ජයමහ විසින් මෙම තරුණයා වයිරස් රෝග සඳහා වූ පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කර ඇත. සෑම නියැදියකම වඳුරු උණ හෙවත් ‘‘මන්කි ෆොක්ස්’’ සඳහා විශේෂිත වූ ජාන හඳුනාගත් වෛද්‍යවරුන් දෙදෙනා ගැඹුරු විශ්ලේෂණයකින් පසු මෙම තරුණයාට රෝගය වැලඳී ඇති බව තහවුරු කර ගන්නා ලදී.

මෙම වසරේ ජූලි මාසයේදී මන්කි ෆොක්ස් හඳුනා ගැනීම සඳහා වූ පී.සී.ආර්. පරීක්ෂණ ස්ථාපිත කිරීමෙන් පසු මෙම රෝගය වැලඳී ඇතැයි සැක කරන රෝගීන් හය දෙනකුගේ සාම්පල පරීක්ෂා කළ බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර කියා සිටියේය.

ශ්‍රී ලංකාවෙන් සොයාගත් රෝගියා අයිඩිඑච් උණ රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබයි. මන්කි ෆොක්ස් රෝගය රටවල් 109ක ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ. දැනට ලෝකය පුරා රෝගීන් 77573 ක් සොයාගෙන ඇත. මියගිය සංඛ්‍යාව පහකි. මීට පෙර රෝගීන් වාර්තා නොවූ රටවල් 102 කින්ද රෝගීන් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

•උදයජීව ඒකනායක

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *