ගුවන් තොටුපොළට ඇතුළු වීම පිළිබද රේගු පනත අලුත් කරයි

ගුවන් තොටුපොළට ඇතුළු වීම පිළිබද රේගු පනත අලුත් කරයි

  • October 25, 2022
  • No Comment
  • 30

රේගුවේ නිලධාරින්ගේ හැසිරීම ගුවන්තොටුපොළ ආරක්ෂාවට තර්ජනයක්

ජාත්‍යන්තර ආරක්ෂක ක්‍රමවේද නොතකමින් රේගු නිලධාරින්ට ගුවන් තොටුපොළට ඇතුළු වීමට ඉඩ සලසා දී ඇති රේගු පනත වහාම වෙනස් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇත.

ගුවන් තොටුපොළට ඇතුළුවීම සඳහා ලබාදෙන බලපත්‍රය (Access permit) භාවිත කිරීම රේගු නිලධාරින් ප්‍රතික්ෂේප කිරීම මෙයට හේතුවී තිබේ.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂද, රේගු පනත වහාම සංශෝධනය කර රේගු නිලධාරින්ටද ගුවන් තොටුපොළට ඇතුළුවීමේදී බලපත්‍රය ලබා දීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස දැනුම් දී තිබී ඇත.

නමුත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට බියෙන් එවකට එය ක්‍රියාත්මක වී නොමැත. ජාත්‍යන්තර අයිකාවෝ නීතිය අනුව ගුවන් තොටුපොළට ඇතුළුවන සියලුම ආයතනවල නිලධාරින් තම ආයතන ප්‍රධානියා මගින් සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවෙන් ඇතුළුවීමේ බලපත්‍රය ලබාගත යුතුය. එම බලපත්‍රය ඉල්ලුම්කරන සෑම අයකුවම ආරක්ෂක අමාත්‍යාංශය මගින් රාජ්‍ය බුද්ධි ප්‍රධානි හා රාජ්‍ය ඔත්තු සේවාවේ ප්‍රධානියා වෙත යොමුකර නිෂ්කාශන වාර්තා ලබාගත යුතුය.

රේගු නිලධාරින් හැර අනෙක් සියලුම ආයතන ගුවන් තොටුපොළවලට ප්‍රවිෂ්ට වීමට එම ක්‍රමවේදය යටතේ ඉලෙක්ට්‍රොනික අවසර පත් ලබාගෙන ඇත.

රේගු නිලධාරින් එම බලපත්‍රය ප්‍රතික්ෂේප කර ගුවන් තොටුපොළට ඇතුළුවීම සඳහා තම හැඳුනුම්පත හා නිල ඇඳුම මෙතෙක් භාවිත කරන්නේය. එමගින් සේවයෙන් පහ කළ හෝ සේවය අත්හිටුවූ නිලධාරින්ට වුව ගුවන් තොටුපොළ වෙත ඇතුළුවීමට අවකාශ සැලසී ඇති බැවින් ගුවන් තොටුපොළ අනාරක්ෂිත වී ඇතැයි ආරක්ෂක බලධාරීහු පෙන්වා දී ඇත.

ජාත්‍යන්තර නීති නොතකා රේගුවේ නිලධාරින්ගේ හැසිරීම නිසා ගුවන්තොටුපොළ ආරක්ෂාවට තර්ජනයක් වන බව ජනපතිවරයාට පෙන්වා දීමෙන් පසුව රේගු පනත වහාම වෙනස්කර රේගු නිලධාරින්ද ගුවන්තොටුපොළ නීතිවලට අනුගත කිරීමට ජනපතිවරයා උපදෙස් දී තිබේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *