රිපෝෂවල රසායනාගාර පරීක්ෂණ ප්‍රතිඵලය එළියට

රිපෝෂවල රසායනාගාර පරීක්ෂණ ප්‍රතිඵලය එළියට

  • September 21, 2022
  • No Comment
  • 32

මව්වරුන් සඳහා නිකුත් කළ ත්‍රිපෝෂවල මිනිස් සිරුරට අහිතකර ඇෆ්ලටොක්සින් නමැති පිළිකාකාරකය සීමාව ඉක්මවා පැවති බව රසායනාගාර පරීක්ෂණ වාර්තා කිහිපයකින් තහවුරු වී තිබේ.

ඇෆ්ලටොක්සින් යනු ආහාර ද්‍රව්‍ය මත නිපදවෙන උග්‍ර විෂකාරකයක් වන අතර එය පිළිකා ඇති කිරීමට, අක්මාවට හානි සිදුකිරීමට සහ වර්ධනය හීන කිරීමට බලපාන බව වෛද්‍යවරුන් පවසයි.

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිති නියෝගවල සඳහන් වන ආකාරයට ආහාර සංඝටක කොටස් බිලියන එකක අඩංගු ඇෆ්ලටොක්සින් කොටස් ප්‍රමාණය 30 ඉක්මවන්නේ නම් එය මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාරයක් ලෙසින් සැළකේ.

මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ගර්භනී මව්වරුන්ට,දරුවන්ට හා මව්වරුන්ට ලබා දෙනු ලබන ත්‍රිපෝෂ සාම්පල කිහිපයක ඇෆ්ලටොක්සින් විෂකාරකය අඩංගු වී ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ඊයේ හෙළිදරව්වක් සිදුකළේය.

මේ පිළිබඳ අද පුවත්පත් ද වාර්තා කර තිබු අතර ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ වාර්තා අසත්‍ය බවය.

සෞඛ්‍ය අමාත්‍යවරයා එසේ පැවසුවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් තහවුරු කළේ කළුතර දිස්ත්‍රික්කයේ බෙදාහැරි ත්‍රිපෝෂ වල ඇෆ්ලටොක්සින් සීමාව ඉක්මවා අඩංගු බවට හෙළිවීමත් සමඟ එම කාණ්ඩයට අදාළ තොග නැවත කැඳවා ඇති බවය.

අද දෙරණ තවදුරටත් සොයාබැලීමේදී ඇෆ්ලටොක්සින් සීමාව ඉක්මවා අඩංගු බවට දත්ත ඇතුළත් පරීක්ෂණ වාර්තා හයක් අදාළ සෞඛ්‍ය අංශ වලින් අප වෙත ලබාගැනීමට හැකිවුණි.

නාගොඩ ජාතික සෞඛ්‍ය විද්‍යායතනය නිකුත් කළ එම වාර්තා 2022 අගෝස්තු 20 වැනි දින ලැබුණු ත්‍රිපෝෂ සාම්පලවලට අදාළ වාර්තාය.

එක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයක බෙදාහැරි ත්‍රිපෝෂවලින් ලබාගත් සාම්පල හතරක ඇතුළත් පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඒවායේ අඩංගු ඇෆ්ලටොක්සින් ප්‍රමාණය නියමිත සීමාව ඉක්මවමින් සියයකට ආසන්නවත්, ඇතැම් ඒවායේ සියය ඉක්මවාත් තිබෙන අයුරු දක්නට ලැබුණි.

මෙවන් පසුබිමක ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල කිහිපයක් වෙත ලිපියක් යොමු කරමින් තම සමාගම සැප්තැම්බර් මාසය තුළ නිකුත් කළ මව්වරුන්ගේ ඇසුරුමෙන් යුත් ත්‍රිපෝෂ තොග නැවත කැඳවා තිබුණි.

ඒ සම්බන්ධයෙන් අද දෙරණ ත්‍රිපෝෂ සමාගමෙන් කළ විමසීමේදී එහි ඉහළ නිලධාරියෙකු ප්‍රකාශ කළේ කල් ඉකුත් වීමේ දිනයේ ඇති වු ගැටලුවක් හේතුවෙන් තම සමාගම කොළඹ, ගම්පහ, පුත්තලම හා කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා යොමු කළ ත්‍රිපෝෂ තොග යළි කැඳවූ බවය.

ඇෆ්ලටොක්සින් විෂකාරකය අඩංගුවීම හේතුවෙන් බෙදාහැරි ත්‍රිපෝෂ යළි ලබා ගන්න ලෙස තමන්ට නිල වශයෙන් දැනුම් දී නොමැති බවත්, එවන් තහවුරු කෙරුණු තොරතුරු ඇත්නම් තමන් ත්‍රිපෝෂ තොග යළි කැඳවා ගැනීමට සූදානම් බවත් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය සඳහන් කළේය.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *