රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරයි

රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරයි

  • November 9, 2022
  • No Comment
  • 50

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ICC T20 ලෝක ශූරතාවයට සහභාගී වීමේදී ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට අදාළ සිද්ධිය පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ,

“ඉහත සිද්ධිය වාර්තාවීමත් සමග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා වශයෙන් මා ඉමහත් කම්පාවට පත්විය. මේ සම්බන්ධයෙන් යම් අපහසුතාවයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට, ඔස්ට්‍රේලියානු රජයට හා එහි ජනතාවට සිදුවුයේ නම් ඒ පිළිබඳව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස මගේ කණගාටුව ප්‍රකාශ කරමි.”

“අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතාට සිය නිරවද්‍යතාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහයෝගය ලබාගැනීම වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සම්බන්ධීකරණය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද සමග ඒකාබද්ධව අවශ්‍ය කටයුතු මේ වනවිටත් සිදු කර ඇත.”

“කෙසේවෙතත්, මෙම සිද්ධියට අදාළ කරුණු පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා ‍මාගේ ප්‍රධානත්වයෙන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති, ‍ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් 2022.11.08 වන දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්වුවා.”

“එහිදී උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් අමාත්‍යාංශය වෙත කැඳවීමක් කළා. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විදේශගතවී සිටීම නිසා එම ආයතනයේ උපලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා පමණක් මෙම අවස්ථාවට සහභාගි වුණා. ඔහු විසින් සිදු කරන ලද කරුණු පැහැදිලි කිරීම සලකාබලා ඇතිවී ඇති තත්ත්වය පිළිබඳව වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා අමාත්‍යාංශය මගින් ස්වාධීන කමිටුවක් පත් කිරීමට තීරණය කළා.”

“එමෙන්ම මෙවැනි සිද්ධීන් අනාගතයේදී ඇතිවීම වැළැක්වීම උදෙසා සහ අමාත්‍යාංශය මගින් ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් ලබා දිය යුතු සහයෝගය පිළිබඳ තවදුරටත් සොයාබැලීමේ අරමුණින් ICC T20 ලෝක ශූරතාවයට සම්බන්ධ වූ කණ්ඩායම් කළමනාකරු, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හා කණ්ඩායම් නායක අමාත්‍යාංශයට කැඳවා කරුණු පැහැදිලි කර ගත්තා.”

ඒ අනුව, ක්‍රීඩකයින් නිරන්තරව ආබාධවලට ලක්වීම, ක්‍රිඩකයින්ගේ විනය පරිපාලනය කිරීම, ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සඳහා නිල වශයෙන් විවිධ උත්සවවලට සහභාගීවීම සඳහා අවසර ලබාදී ඇති ආකාරය වැනි කරුණු කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් වාර්තාවක් කැඳවීමටත්, ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සපයාදීම වෙනුවෙන්  ක්‍රීඩා ඇකඩමියක් ස්ථාපිත කිරීම, ක්‍රීඩකයින්ගේ භාෂා හැකියාවන් වැඩි දියුණු කිරීම, ‌පෝෂණ අවශ්‍යතා පිළිබඳව ක්‍රීඩකයින් දැනුවත් කිරීම, ව්‍යායාම මධ්‍යස්ථාන හා පුහුණුවීම් පහසුකම් ඇති කිරීම ආදී කරුණු පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු කිරීමට ද අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

Related post

12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…
අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

අපකීර්තිමත් සිතුවමක කතාව. “The Sin” painted by Heinrich Lossow

පිංතූරයක කතාවක්… මේ සිතුවම අඳින්නෙ 1880 වර්ශයේ ජර්මන් ( ඒ කාලෙ බවාරියානු විදිහට හැඳින්වුනු) චිත්‍ර ශිල්පියෙකු වූ හෙයින්‍රිච් ලෝසෝ විසින්. හයින්රිච්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *