රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දීම නාමල් රාජපක්ෂගේ කැමැත්තට

රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දීම නාමල් රාජපක්ෂගේ කැමැත්තට

  • September 9, 2022
  • No Comment
  • 53
ඊයේ (08) දිවුරුම් දුන්න පොහොට්ටුවේ රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දී ඇත්තේ  නාමල් රාජපක්ෂ විසින් සකස් කරන ලද ලයිස්තුවකට බවත් ඊට මහින්ද රාජපක්ෂ විසින් මාර්ගෝපදේශ සපයා ඇති බවත් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරවු කරයි. අවසන් මොහොතේදීත් එම ලයිස්තුවේ සංශෝධන සිදුවී ඇත්තේ ඔවුන්ගේ අභිමතය මත බව ද එම ආරංචි මාර්ග කියයි.

ජගත් පුෂ්පකුමාර සහ ලොහාන් රත්වත්ත අතර ඇතිවූ ඇමති ධූර ගැටලුව එවැන්නක් බව වාර්තා වේ. ජගත් පුෂ්පකුමාරට ලබා දී තිබූ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරය අවසාන මොහොතේ දී වෙනස් කර එය ලොහාන් රත්වත්තට ලබා දී ලොහාන් රත්වත්ත වෙත  ලබා දීමට සූදානම්ව සිටි විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය ජගත් පුෂ්ප කුමාරට ලබා දෙන්නේ මහින්ද රාජපක්ෂගේ මැදිහත් වීමෙන් බව එම ආරංචි මාර්ග කියයි.

ඩී.වී චානකට දුන් නියෝජ්‍ය කෘෂිකර්ම ඇමති ධුරය වෙනස් කෙරෙන්නේ ද එවැනි පසුබිමක් මතය.  ජනාධිපතිවරයා මැදිහත් වී එම රාජ්‍ය අමාත්‍ය ධූරය වෙනස් කරන්නට ඉල්ලන්නේ කුමක් නිසාදැයි විමසූ විට ඩි.වී.චානක පවසා ඇත්තේ  තමන්ගේ මුහුණවත් නොබලා කතා කරන  මහින්ද අමරවීර යටතේ රාජ්‍ය අමාත්‍ය ධූර දැරිය නොහැකි බවය.

Related post

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

  ඊශ්‍රායලය – පලස්තීණය… යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව. දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය…
12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *