රට ඉන්න ශ්‍රී ලාංකිකයන් පිළිකා රෝහලට එවූ බෙහෙත් මාසයක් තිස්සේ වරායේ

රට ඉන්න ශ්‍රී ලාංකිකයන් පිළිකා රෝහලට එවූ බෙහෙත් මාසයක් තිස්සේ වරායේ

  • November 4, 2022
  • No Comment
  • 67

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්ව මහරගම අපේක්‍ෂා රෝහලේ රෝගීන්ට ලබාදීමට එවූ ඇමරිකානු ඩොලර් දසදහසක් පමණ වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මාසයක් තිස්සේ කොළඹ වරායේ සිරවී ඇතැයි වෛද්‍යවරු පිරිසක් හෙළිකර සිටිති. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් පිරිසක් හා මෙරට වෛද්‍යවරුන් පිරිසක් එක්වී මෙම අත්‍යවශ්‍ය ඖෂධ තොගය අපේක්‍ෂා රෝහලට එවා ඇත්තේ පරිත්‍යාගයක් ලෙසිනි. ඔස්‌ට්‍රේ‍ලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඉන්දීය සමාගමකින් මෙම ඖෂධ මිලදී ගෙන මෙරටට එවා තිබේ.

නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය එම ඖෂධ තොගය වරායෙන් නිදහස් කර ගැනීමට අදාළ නිෂ්කාශන කටයුතු පමා කිරීම නිසා මාසයක සිට ඒවා කොඹ වරායේ තබා තිබෙන බව වෛද්‍යවරුන් හෙළිකර ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමත් සමග එම නිෂ්කාශන ක්‍රියාවලිය වේගවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය පියවර ගනිමින් සිටින බවද එම පිරිස හෙළි කළහ.

මේ වන විට රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය මෙන්ම ඩොලර් ප්‍රශ්නය නිසා රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල විශාල හිඟයක් මතුව තිබෙන අතර මහරගම අපේක්‍ෂා රෝහලෙත් අත්‍යවශ්‍ය ඖෂධවල හිඟයක් පවතින බව එම රෝහල් වෛද්‍යවරුද කියා සිටියහ.

ඕස්ටේ්‍රලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික පිරිසක් එක්වී පිළිකා රෝගීන්ට පරිත්‍යාග කළ මෙම පිළිකා ඖෂධ තොගය කොළඹ වරායට එවූ පසුවත් මාසයක් තිස්සේ එම තොගය නිදහස් කර ගැනීමට කටයුතු නොකිරීම බරපතළ කාරණයක් බවද වෛද්‍යවරු පවසති. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට එල්ල වී තිබෙන මෙම චෝදනාව සම්බන්ධයෙන් එහි අධ්‍යක්‍ෂ තුසිත සුදර්ශන මහතාගෙන් දිවයින ඊයේ (03දා) කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ එම ඖෂධ තොගය නිදහස් කර ගැනීමට පියවර ගත් බවයි.

පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණත් ඒවා නිෂ්කාශනය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාවලියක් ඇතැයි ද එනිසා එය හිතාමතා පමාකිරීමක් යැයි නගන චෝදනාව ප්‍රතික්‍ෂේප කරන බවද ඒ මහතා කීය.

මෙවැනි ඖෂධ තොගයක් නිදහස් කර ගැනීමේදී ඒවායේ ප්‍රමිතිය අවශ්‍යතාව ආදිය මෙන්ම ඊට අදාළ වාර්තා ලබාගත යුතු බවත්, මේ සිදුව තිබෙන්නේ ඒ සඳහා යම් කාලයක් ගතවීම බවත් ඒ මහතා කීය. “පාන්” බානවා වාගේ පිළිකා ඖෂධ නිදහස් කළ නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

Related post

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

ඊශ්‍රායලය – පලස්තීණ අර්බුදයේ ඉතිහාස කතාව….!

  ඊශ්‍රායලය – පලස්තීණය… යුදෙව් ලේඛනවල මෙන්න මේ වගේ කතංදරයක් කියනව. දැනට අවුරුදු 5782 කට කලින් දෙවියන් කියල හඳුන්වන කෙනෙක් ලෝකය…
12 Congress Democrats urge Biden to end race..

12 Congress Democrats urge Biden to end race..

A growing number of Democrats in Congress are calling on Democratic President Joe Biden to end his reelection bid after the…
ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්තගේ මරණය, දේශබන්දුගේ පොලිසිය සහ අනීතික ඝාතන..!

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය පිළිබඳ කතා බව බොහෝ විට සතියක් පමණ යන විට යූ ටියුබ් වේදිකාවලින් බැහැර වනු…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *